2022 අඳුරු දෙසැම්බරයක් වෙයිද?

Date:

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නෞකා ගොඩබෑම හරි අඩකින් මේ වනවිට අඩුවීම හේතුවෙන් ලබන වසරේදී නොරොච්චෝලේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ගයන් අනාවරණය කළේය.

එළැඹෙන වාරකන් සමයට පෙර සැලසුම් කළ පරිදි ගල්අඟුරු නෞකා ගොඩබෑමට කටයුතු කළද මේ වනවිට නෞකා 4ක් පමණක් ගොඩබා ඇති බවත් කෙසේ නමුත් මේ වනවිට සාමාන්‍ය ක්‍රියාවලිය යටතේ නෞකා 11ක් පමණ ගොඩබා තිබිය යුතු බවද එම ආරංචි මාර්ගයන් පවසයි.

ලබන වසරේ මැයි පමණ වනවිට ගල් අඟුරු නෞකා 38ක් ගොඩබා තිබිය යුතු බවත් මේ තත්ත්වය යටතේ එම සංඛ්‍යාවට ළංවීම අවදානම් සහිත බවද ආරංචි මාර්ග කියා සිටියේය.

කැඳවා තිබූ ගල්අඟරු ටෙන්ඩරය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වීම නිසා එය අහෝසි කිරීම, ණය පදනම මත ගල්අඟුරු ලබා දීමට සැපයුම්කරුවකු ඉදිරිපත් නොවීම සහ ගල් අඟුරු මිලට ගැනීමට ඩොලර් නොමැති වීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇත. නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයෙන් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට සුවිසල් දායකත්වයක් ලබා දෙන අතර ඊට අවශ්‍ය ගල්අඟුරු නියමිත පරිදි නොලැබුණහොත් ලබන වසරේ මැද වනවිට දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදු වන බවද විදුලි ඉන්ජිනේරුවෝ අනතුරු අඟවති.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ පැවසුවේ මේ වනවිට ගල්අඟුරු නෞකා පැමිණීමේ ප්‍රමාදයක් ඇති බවත් මේ තත්ත්වය නිරාකරණය කර ගැනීම සඳහා උත්සාහ දරමින් සිටින බවත්ය .

රටේ ගල් අඟුරු අවශ්‍යතාවය අනුව නියමිත ප්‍රමාණය ආනයනය කිරීම කඩිනම් නොකලහොත් දෙසැම්බර් මාසය තුළ ඇතිවන ගල් අඟුරු හිඟය සහ නව සැලසුම් පරිදි ක්ෂණික නිවැරැදි තීරණයන් නොගතහොත් හෝ තීරණයකට එලැඹීම ප්‍රමාද වුවහොත් , ඒ අනුව දෙසැම්බර් මාසයේ අවශ්‍ය ඇණවුම් නොරොච්චෝලෙ වෙත නොපැමිණියහොත් රටේ අවම පැය 10 ක විදුලි කප්පාදුවකට පොදු ජනතාව ට මුහුණ දෙන්න සිදුවනු ඇතැයි අනතුරු අඟවයි.

රෂිකා හෙන්නායක
2022.11.24

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...