ජනාධිපතිවරයා දින දෙකක් පුර පාර්ලිමේන්තුවේ කෑමොර දීම ඔහු විසින් යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
රනිල් වික්‍රමසිංහගෙන් අසා උද්ඝෝෂණ කිරීමට තරම් උද්ඝෝෂකයින්ට පිස්සු නැති අතර උද්ඝෝෂණ යනු බෝසත් ළමා ළපටි සංවිධානයේ කඨින පිංකම වගේ දෙයක් නොවන බවත් උද්ඝෝෂණවලින් සිදුවන්නේ රජයන් විසින් සිදුකරන තක්කඩිකම් වලට එරෙහිව ජනතා බලය පෙන්වීම බවයි ජයගොඩ මහතා සඳහන් කළේ.
ජනතාව උද්ඝෝෂණ කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ හෝ රාජපක්ෂලාගෙන් අවසර ගෙන නම් ඊට වඩා තවත් උමතුවක් නැති බව හෙතෙම අවධාරණය කළේය.
ASK