සමෘද්ධි හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබාදීමට නීති සකස් කෙරේ

Date:

සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති අතර වහාම ඊට අවශ්‍ය නීතිමය තත්ත්වය සකස් කරන ලෙස, පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ එහි නීති නිලධාරියා වෙත, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී 2022.11.24 දින අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.

ක්ෂේත්‍ර නිලධාරීන් හට සිය කොට්ඨාශය තුළම ඡන්දය ඉල්ලීමේ හැකියාව ලබා දීම සඳහා ලැබී ඇති කැබිනට් අනුමැතිය අනුව, සංශෝධනයක් සිදු කිරීම සඳහා ඔක්තොබර් 19 වැනිදා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බව, අමාත්‍යංශ නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ...

තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති...

එළවළු කොටු විශාල වෙලා – එලවළු මිල ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : වර්ෂාව සහ නායයෑම්...

නාවික සහ ධීවර කටයුතු වළක්වලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත්කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ඉකුත් දා, දිවයින...