විදුලි අර්බුදය නිසා යල කන්නයේ වී අස්වැන්නත් අවදානමේ – සහල් නිෂ්පාදකයින්

Date:

විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්ධන නොමැති වීමේ තත්වය තුළ ලංකා විදුලිබල මණ්ඩලය වැඩි වැඩියෙන් ජල විදුලි නිෂ්පාදනය කරා යොමුවී ඇති බවත් මෙම තත්වය ඉදිරි යල කන්නයේ වී වගාවට අහිතකර ලෙස බලපෑමට හැකි බවත් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

“මේ වෙද්දී ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය ජනනය කිරීම සම්බන්ධයෙන් යම් ගැටලුවකට මුහුණපාලා තියෙනවා ඔවුන්ට අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් නොලැබීම හින්දා. මෙයින් අපට තොරතුරු ලැබෙනවා වැඩි වශයෙන් ජල විදුලියට යොමුවෙලා තියෙනවා කියලා විදුලිය නිෂ්පාදනය කරගන්න. එතකොට මේක හරහා – දැන් අපි ගත්තොත් මහවැලි යෝජනා ක්‍රමයේ ජලාශ ඉදිකළේ ජලවිදුලිය නිෂ්පාදනය කිරීමේ අරමුණින් නෙවෙයි, පූර්ණ කාලීනව මේවායේ අරමුණ වුණේ ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවලා වී අස්වැන්න වැඩි කරන්න. හැබැයි අපි දැක්කා මේ ආණ්ඩුව ඒ ඔක්කොම අමතක කරලා දාලා ජලය මුදාහරිනවා ජල විදුලිය නිෂ්පාදනය කරන්න. එහෙම වුණොත් යල කන්නයේ වී වගාව සඳහා අපට අවශ්‍ය ජලය මදිවෙනවා. ඒ හින්දා අපි ආණ්ඩුවට කියනවා ඔය ජලය ටික ජලාශවල රඳවාගන්න යල කන්නය වෙනකල්. විදුලිය නිෂ්පාදනය කරන්න ඕනෙ නම් ඒකට දැවිතෙල් හෝ වෙන දෙයක් යොදාගන්න. මොකද අපට ඩොලර් හොයාගෙන තෙල් ආනයනය කරන්න පුළුවන්, හැබැයි ඩොලර් හොයාගෙන වතුර ආනයනය කරලා යල කන්නයේ වී අස්වැන්න ගන්න බැරිවෙයි”

එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (15) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...