ඇමරිකාවට සහ ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් – වෙරළෙන් ඉවත් වන්න!

Date:

ඊ‌යේ සවස දකුණු පැසිෆික් සාගරයේ ගිනි කන්දක් පුපුරා යාම හේතුවෙන් ප්‍රධාන පෙළේ සුනාමි අවදානමක් නොමැති බව පැවසුණත් පැය කිහිපයකට පසු ඇමරිකාවට සහ ජපානයට අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණේ ‘වෙරළෙන් ඉවත් වන ලෙස’ ය.නවතම වාර්තාවලට අනුව අමාමි-ඔෂි‌මෝ නමැති ජපන් දූපතක මීටර 1.2 ක් උසට සුනාමි රළ නැගී තිබිණි.

මීටරයකට වඩා උස සුනාමි රළ පහර, අපිකේන්ද්‍රයට ආසන්නයෙන් පිහිටා ඇති ටොන්ගා දූපත් වෙරළ අත්දුටුවේය.

Hunga Tonga-Hunga Haʻapai නමැති මෙම සමුද්‍රීය ගිනි කන්ද පුපුරා යන ශබ්දය දකුණු පැසිෆික් සාගරයට පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයට ද ඇසී තිබෙන බව සීඑන්එන් පුවත් සේවය පවසයි.

ටොන්ගා දූපතේ අගනුවර වන Nuku’alofa පිහිටා තිබෙන්නේ සමුද්‍රීය ගිනි කන්දට සැතපුම් 40 ක් පමණ දුරින් වන අතර, එම අගනුවර මුළුමනින්ම පාහේ අළුවලින් වැසී ගිය බව ද සඳහන්.

විදුලි බලය ද සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටුණු අතර, දුරකථන මාර්ග සහ අන්තර්ජාල පහසුකම් ද බිඳ වැටිණි. සිදුවී ඇති හානි පිළිබඳ මේ දක්වා සවිස්තරාත්මක වාර්තා ලැබී නැත.

ටොන්ගා භූගෝලීය සේවාව පවසා තිබුණේ ගිනි කන්දෙන් නිකුත් වූ ගෑස්, දුම සහ අළු, කිලෝමීටර 20 ක් පමණ ඉහළ අහසට ඇදී ගිය බවයි.

මේ අතර සුනාමි රළ පහර ටොන්ගා දූපතට බලපෑ ආකාරය පිළිබඳ සමාජ මාධ්‍ය වල වීඩියෝ ගණනාවක් සංසරණය වේ.

ඔස්ට්‍රේලියාවත් බය වෙලා

ඔස්ට්‍රේලියාව ද නැගෙනහිර වෙරළ සහ තස්මේනියානු දූපත සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.

නවසීලන්තයේ වැසියන්ට ද ටොන්ගා දූපතේ සාගර යමහල පුපුරා යාම නිසා හටගත් සොනික් තරංග සංවේදනය වූ බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ...

ඔක්කම්පිටිය පොලීසියේ OIC අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ...

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා...

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...