Wednesday, October 4, 2023
spot_img

Latest Posts

කි‍ලෝමීටර් 04 ක් හදලා එයාලා හැදුවා වගේ විවෘත කරනවා – කිරිඇල්ල

මධ්‍යම අධිවේගී මාර්ගයෙ ඊයේ විවෘත කළ මීරිගම-කුරුණෑගල කොටස වත්මන් ආණ්ඩුව අභිමානයෙන් විවෘත කළද එහි ඉදිකිරීම් කටයුතු වැඩි ප්‍රමාණයක් සිදු කළේ යහපාලන ආණ්ඩුව මගින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. දින 52 කුමන්ත්‍රණය සිදුවන විටත් බොහෝ වැඩ අවසන් කර තිබූ බවයි කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ.

2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කිරීම තබා මූලික මැනුම් කටයුතු පවා සිදුකර නොතිබූ බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා පවසන්නේ යහපාලන ආණ්ඩුව යටතේ මිනුම් කටයුතු සිදුකර වන්දි ගෙවා ඉඩම් අත්පත් කරගත් බවයි. 2016 ඔක්තෝබර් මාසයේදී එහි වැඩ ආරම්භ කළ බවත් දේශීය කොන්ත්‍රාත්කරුවන් 16 දෙනෙකුට ඉදිකිරීම් කටයුතු බාර දුන් ඉවත් මන්ත්‍රීවරයා පවසනවා.

මෙම මාර්ග කොටසේ සම්පූර්ණ ඉදිකිරීම් සඳහා කිසිදු විදේශ ණයක් ලබාගෙන නොතිබූ අතර මහා භාණ්ඩාගාරය මගින් ලබාගත් මුදල් පමණක් වැයකළ බවද කිරිඇල්ල මහතා පවසයි.

කිලෝමීටර් 41 න් 37 ක වැඩ යහපාලන ආණ්ඩුව සමයේදී අවසන් කර තිබූ බවත් වත්මන් ආණ්ඩුවට තිබුණේ කිලෝමීටර් 04 ක වැඩ අවසන් කිරීමට බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. වසර දෙකක් තිස්සේ කිලෝමීටර් 04 ක ඉදිකිරීම් සිදුකළ ආණ්ඩුව අද මාර්ගය විවෘත කරන්නේ සියලු වැඩ ඔවුන් සිදුකළ ආකාරයෙන් යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.