සංවිධායකවරුන් පත්කිරීමට එජාපය සම්මුඛ පරීක්ෂණ අරඹයි

Date:

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත්කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට (01) සිට ආරම්භ කෙරෙන බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව හෙට සිට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනු ඇත.

2023 වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත්කිරීම සඳහා මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මණ්ඩලයක් මගින් සුදුස්සන් තෝරාගැනීමට නියමිත ය.

ආසන සංවිධායක ධුර සඳහා අයදුම්පත් දහස් ගණනක් ලැබී ඇති බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

මෝසම් වැසි ක්‍රමයෙන් සක්‍රිය වෙයි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු සමුගනී !

ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය...