*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

කාන්තාරයේ කඳුළු …

මේ වනවිට අපේ රටේ විනිමය උත්පාදනයේ වැඩිකොටසක් දරා සිටින්නේ මැද පෙරදිග කලාපයේ වහල් ගෘහ සේවයේ යෙදෙන කාන්තාවන් විසිනි. රටට විනිමය සොච්චමක් හොයන්ට ගිය මේ කාන්තාවන් පිළිඹඳ සෝචනීය කතාන්තරය උඩ තට්ටුවලින් පහලට හෙලා නීතියට පිටින් මියගිය බොහෝ අයගෙන් මෙන්ම අවුරුදු දහ අට වෙන්ටත් පෙර අරාබි නීතිය ඇතුලේ දංගෙඩියට බෙල්ල දුන්න රිසානාලගෙන්ද සමන්විතයි.

අපේ රටේ වෙඩි නොවදින ප්‍රභු යානවාහන ගෙන්වන්නේද, ගරු ගාම්බීර උගත් බුද්ධිමත් චැනල් වෛද්‍ය, ඉංජිනේරු බලවතුන්ගේ B.M.W. ගෙන්වන්නේද, පෙබරවාරි 4 අභිමානවත් නිදහස් උළෙල සැමරීමට තඩි කාල තුවක්කු උන්ඩ ගෙන්වන්නේද මේ දුගී කාන්තාවන් දිවි පරදුවට තබා හොයන රියාල්, ඩිනාර් සොච්චමෙන් යැයි කීවොත් ඔබ පිළිගන්නේද..?

කාන්තා හා මානවහිමිකම්වල හුලඟක්වත් වදින්නෙ නැති සහ ගැහැණිය යනු පිරිමියාගේ කය පිනවීමට දෙවියන් මැවූ මස්ගොඩක් පමණක් යැයි විස්වාස කරන සංකෘතික කාන්තාරයකට ලාංකීය අවවරප්‍රසාදිත කාන්තාවට රන් කහවනු සොයා යන්න වෙන්නෙම ඇයට රට ඇතුලේ අනගතයක් තබා වර්තමානයක්වත් ඇත්තෙම නැති නිසා. මෙහි අනික් ඛේදවාචකය අපේ රටේ පවතින වැඩවසම් ඝන ගෝත්‍ර සංකෘතිය ඇතුලේ ජීවත්වෙන මිනිස්සු මැදපෙරදිග ගෘහ සේවයට ගොස් ආපසු පැමිණෙන තමන්ගෙම පවුල්වල කාන්තාවන් දෙස පවා බලන්නේ අරාබිකාරයන්ට ඇඟ විකුනලා පතිවත බිඳගෙන ආපු අපිරිසිදු පව්කාර සත්ව කොඨ්ටාසයක් විදියට.

මේ ගෘහස්ථ වහල් ශ්‍රමය වගුරන මැදපෙරදිග යන කාන්තාවන් වර්ශයකට අති විශාල විදේශ විනිමයක් ලංකා රජයට උපයලා දෙනව. නමුත් ඔවුන් එහි ගතකරන දුෂ්කර දිවිය නිසාම හදිසියේ එහිම මියයන්නවුන්ගේ මෘත දේහයවත් ආපහු ගෙන්වා ගැනීමටවත් මුදලක් ලංකා රජය වැය කරන්නේ නෑ. එසේ මියගියවුන්ගේ දේහයන්වත් ආපහු ගෙන්වාගැනීමට රජයට බලපෑමක් කරන්න පුළුවන් ශක්තිමත් තත්වයක මෙසේ මියයන උන්ගේ දුප්පත් බාරකාරයන්ද නැත.

මේ වනවිට මැදපෙරදිගට කාන්තාවන් පැටවීම මිනිස් වෙළදාමක් බවටම ඌනනයවූ දුෂ්ඨ ජාවාරමක් බවටම අද පත්ව ඇත. වතුකරය වැනි අන්ත අමාරු ජීවිත ගතකරන මිනිසුන් සිටින තැන් වලින් කාන්තාවන් සොයාගෙන එන තැරැවු කාරයන්ට ඒජන්සි කාරයන්ගෙන් කොමිෂන් ලැබේ. ඊළඟට ඒජන්සි කාරයෝ ඒ කාන්තාවන්ට ලැබෙන්ට තියෙන පඩියෙනුත් ලොකු කොටසක් යන්ට කලින්ම මේ කාන්තාවන් ගිහින් දාන තැනින් ගන්නවා. ඊළඟට මෙලෝ හසරක් නොදන්නා රටකට අනාතයෝ වගේ ගිහින් දානවා ..

එතනින් එහාට මරුකටක ඉන්නවා වගේ හවුහරනක් රැකවරණයක් නැතිව පැය විස්සක් විතර සත්තුවගේ වැඩ කරනව. අන්තිමේදී කොහොම හරි සුමේ කරලා අවුරුදු කීපයකින් පන බේරගෙන ලංකාවට ආවත් අරන් එන්ට තරම් දෙයකුත් නෑ. මොකද ලොකු කොටස ඒජන්සි කාරයොයි, තැරැව්කාරයොයි, නිලධාරීයොයි ගසාකාලා.

අවුරුදු පහක් ඉඳලා හිටලා පාර්ලිමේන්තුවට ගිහින් බර පැන්ෂන් එකක් ගන්න දේශපාලක ප්‍රභූ උත්තමයෝ ඉන්න රටේ මේ අසරණ කාන්තාවන්ට කවදාවත් විශ්‍රාමික සාධාරණත්වයක් ඉෂ්ඨ උනේ නෑ..ඉෂ්ඨ වෙන්නෙත් නෑ..

සොච්චම් පඩියකට මුලු ජීවිත කාලයම වගේ මැදපෙරදිග කඹුරලා විනිමය අරන් ලංකාවට ආපු ගොඩක් කාන්තාවෝ විශ්‍රාම රැකවරණයක් නොමැතිව ජීවිතේ අන්තිම කාලේ ක්ලීනින් සේවිස්වල තුට්ටු දෙකකට කානු හෝදනවා අපිට අනන්තවත් දකින්ට ලැබෙනවා.

මේ කතාන්තරයේ බයානකම හා ඛේදජනකම ආරන්චිය නම් මේ කාන්තාවන්ට රැකවරණය ලබදීම වෙනුවෙන් රජයෙන් පඩිකන විදේශ සේවා නිලධාරීන් සහ ඒජන්සි කාරයන් එක්වී මේ කාන්තාවන්ව ගනිකාවන් ලෙස විකුනා දැමෙමින් පවතී යන මාධ්‍යයෙන් ඇසුන නරුම පුවතයි.

අපේ රටෙන් තානාපතිලා විදියට වෙන රටවල්වලට පත්කරලා යවන උන් එහෙම යවන්නේ උන්ට රටරටවල් වල ගිහින් සැපගන්ට ලැබෙන වරප්‍රසාදයක් විදියටයි.(හිටපු ගමන් තානාපතිලා විදියට ආන්ඩුවට ගොට්ට අල්ලප්පු ගායකයොත් යවනව) උන් එහෙට ගිහින් මිලියන ගනන් වැටුප් අරන් ආන්ඩුවේ වියඳමෙන් උන්ගෙ පවුල් පන්සල් එක්ක සැප ගන්නවා..උන් මේ අවනඩු ගැන සොයා නොබලනවා විතරක් නෙමේ උනුත් මේ කාළකන්නි ජාවාරම් වලට අනියමින් හෝ හවුල්…

එසේම අපේ රටේ කාන්තා අයිතීන් ගැන මහ ඉහලින් කතාකරන සුපිරි කාන්තාවන්ද තොලේ ලිෆ්ටික් උලාගෙන මිල අධික සාරි පටලගෙන කොළඹ කොටුවේ පාර අයිනේ කාන්තා ඉල්ලීම් බෝඩ් උස්සගෙන හිටියට මේවගේ ඇත්ත ඛේදවාචක වෙනුවෙන් උන් පෙනී සිටින්නේ නෑ. ඇත්ත කතාව නම් මේ කාන්තා අයිතිවාසිකම් නෝනලාගේ ගෙවල්වල වැඩට තියන් ඉන්නෙත් කන්ට ටික විතරක් ලැබෙන වතුකරේ අඩුවයස් ළමුන් ය.

කාන්තාවන් ගෘහ සේවය සඳහා මැදපෙරදිග කලාපවලට පිටත්කර හැරීම ආරම්බවූයේ 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේය. ඒ සිරිමාවෝගෙ සහ වාමාංශිකයින්ගේ ආන්ඩුවේ වැරදි දේශීය ආර්ථික උපායමාර්ග නිසා රට මුහුණ පා සිටි දරුණු විනිමය හිගයට පිළියමක් ලෙසය. ඒ වකවානුව තුල මැදපෙරදිග ගිය කාන්තාවන්ට දුෂ්කර ශ්‍රම කොන්දේසි තුල හෝ වර්තමානයට වඩා යම් ආදායමක්ද උපයාගත හැකිව තිබින.

නමුත් පසුකාලීනව බංග්ලාදේශය, නේපාලය වැනි රටවල්වල අන්ත දරිද්‍ර මට්ටමේ පෙලෙන කාන්තා ශ්‍රමිකයන් මේ වෘතීයට පැමිණීමත් සමඟ එහි වැටුප් මට්ටම පහත වැටින.

එහිදී පසුව බලයට පත්වූ ආන්ඩු විසින් කලයුතුව තිබුනේ මේ ගෘහ සේවිකාන්ව ලෝකයේ වෙනත් දියුණු රටවල්වල ගෘහ සේවිකාවන් ලෙස පිටත්කර හැරියහැකි තත්වයට ඔවුන්ගේ බාෂා කුසලතාවය හා උපකරණ බාවිතාව සම්බන්ද කුසලතාවය වර්ධනය කර දීමය.

එසේම ඒ දියුණු රටවල්වල ඒ සඳහා ඇති රැකියා අවස්තා සොයාබලා ඒ රටවල් සමඟ දීවී පාර්ශවික ගිවිසුම් වලට යාමය.

අවම වශයෙන් දියුණු රටවල්වල තානාපති සේවාවන් සඳහා පිටත්කර හැර තිබෙන එකී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්වත් අවමවශයෙන් එවන් රැකියා අවස්තා ගැන සොයාබලා වත් නැත. හරියට ඉංග්‍රීසි බාෂාව පවා බැරි ගායකයන් නලුවන් වැනි තමන්ට කඩේගිය කලා චරිතවලට සැලකීම සඳහා පාලකයන් මේ තානාන්තර පාවිච්චි කලා මිස මේ තානාන්තර වලින් මෙතෙක් රටට වූ සේවයක්ද නැත.

77 සිට මේ දක්වාම චක්‍රය එක තැන් පල්වෙමින් එක තැන කැරකුනි ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan