Mein Schiff-5 (මෙයින් ෂිෆ්-5) කොළඹ වරායට…

Date:

සංචාරකයන් 2000ක් රැගත් Mein Schiff-5 (මෙයින් ෂිෆ්-5) සුවිසල් අධිසුඛෝපභෝගී මඟී නෞකාව කොළඹ වරායෙහි නැඟෙනහිර පර්යන්තයට ඊයේ (29) උදෑසන සේන්දු විය. නෞකාව පිළිගැනීමට වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සහ සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු යන මහත්වරු එක්ව සිටියහ.

Mein Schiff-5 (මෙයින් ෂිෆ්-5) සුවිසල් අධිසුඛෝපභෝගී මඟී නෞකාවේ සංචාරකයන් 2000කට අමතරව කාර්ය මණ්ඩලය 900කින්ද යුක්තය. එහිදී නෞකාවේ ආගමනය සනිටුහන් කරමින් විශේෂ ඵලක හුවමාරුවක් ඇමැතිවරුන් හා නෞකාවේ කපිතාන්වරයා අතර සිදුව තිබෙන අතර මඟීන් 2,534 දෙනකු සඳහා නෞකාව තුළ පහසුකම් ඇති බවද කාර්ය මණ්ඩලය ලෙස 1030 දෙනකු මෙහි සේවය කරන බවද වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. මෝල්ටා ධජය යටතේ යාත්‍රා කෙරෙන මේ නෞකාව දිගින් මීටර 295.26ක් සහ පළලින් මීටර 36.24ක් වන අතර, ගැඹුර මීටර 8.05කි. TUI කෘස් සමාගමට අයත් මේ නෞකාව ප්‍රථමයෙන් සංචාරය කර අත්තේ 2016 ජූලි 16 වැනි දින වන අතර ලංකාවට පැමිණි පළමු සංචාරය මෙය වේ. නෞකාවේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස එයිට්කන්ස් ස්පෙන්ස් සංචාරක සමාගමට අනුබද්ධ හැපැග් ලොයිඩ් ලංකා සමාගම කටයුතු කරයි. ඕමානයේ මස්කට් වරායේ සිට පැමිණි නෞකාවේ එළඹෙන ගමනාන්තය වන්නේ හම්බන්තොට වරාය වන අතර ඉන් අනතුරුව නෞකාව මැලේසියාවේ පීනෑන්ග් වරාය බලා යාත්‍රා කිරීමට නියමිතයි.

මේ අවස්ථාවට සහභාගි වූ වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මෙසේ මහතා ප්‍රකාශ කළේය.

“කාලයකට පෙර මඟී නෞකා මඟින් මෙරටට විදේශ සංචාරකයන් පැමිණි නමුත් පසුගිය කොරෝනා වසංගත තත්ත්වය හා ආර්ථික අවපාතය ඇතුළු ශ්‍රී ලංකාවේ ඇති වූ අස්ථාවර තත්ත්වය හේතුවෙන් සංචාරකයන් රැගත් නෞකා මෙරටට පැමීණීම නැවතීම හේතුවෙන් විශාල විදේශ විනිමය උපයා ගැනීමේ අර්බුදයකට රට පත් වුණා. නමුත් මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අපේ රටින් පහව යමින් තිබෙනවා. මෙය සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට අතිමහත් සහනයක් වෙනවා.

“මේ සංචාර කර්මාන්තය නඟාසිටුවීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ලෙසත් වරාය නාවික හා ගුවන් සේවා ඇමැතිවරයා ලෙසත් දිය හැකි පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරනවා. මේ සඳහා වරාය තුළ සහ ගුවන්තොටුපොළ තුළ සංචාරකයන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් දීමට කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට මම උපදෙස් දී තිබෙනවා. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සංචාරකයන් මෙරටට පැමිණීම වළක්වන්න ක්‍රියා නොකරන ලෙසත් සංචාරකයන් පැමිණීම වර්ධනය කරන ක්‍රියාමාර්ග කළ යුතු බවත්ය. ඒ සඳහා රජය සමඟ සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

අමාත්‍යවරයා ඉතා සතුටින් ප්‍රකාශ කළේය .

රෂිකා හෙන්නායක
2022.11.30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජනතාවට සේවය සැපයීමේදී රාජ්‍ය සේවයෙන් පහසු ක්‍රමයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : මහජනතාව ලිපි ලේඛණ...

ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන තමා නොදැන සිටි බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා ඊශ්‍රායලය කටාරයේ...

ජපානයේ වැඩිහිටි ජනගහනය 29.4%කින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ වයස...

වාර්තාගත ආදායමක් ලැබූ ශ්‍රී ලංකා රේගුව…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : 2025 වසරේ ගත...