පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමේ සූදානමක් ගැන මාධ්‍ය වාර්තා අසත්‍යයි – PMD

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (29) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් මෙලෙස අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර තිබෙන බවයි එම ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

නමුත් එදින පැවති පාර්ලිමේන්තු අයවැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පළාත් සභා තුළ දිස්ත්‍රික් සංවර්ධන කමිටු (DDC) පිහිටුවීමට සූදානම් බවයි.

ඒ හැර පළාත් සභා විසුරුවා හැරීමක් පිළිබඳ ජනාධිපතිවරයා කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වන්නේ ගනු ලබන විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඒ හරහා සංවර්ධන ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීමට අවස්ථාව හිමිවන අතර මූල්‍ය හානි හා ප්‍රමාදයන් ද වළක්වා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...