ස්ථාන මාරුවීම් – අධිකරණ සේවා කොමිෂන් සභාව

Date:

වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ විනිසුරුවරුන් මහෙස්ත්‍රාත්වරුන් සහ අතිරේක මහෙස්ත්‍රාත්වරුන් 5‍6දෙනෙකු සදහා ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ලබන වසරේ දෙවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර පරිහරණය සඳහා විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරීන්ට ලබා දී ඇති මෝටර්රථ සුරක්ෂිතව භාවිත කර නැවත අමාත්‍යාංශය වෙත භාරදිය යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

නව චක්‍රලේඛයක් නිකුත් කරමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන් වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් විනිසුරුවරුන් වෙත ලබා දී ඇති නිල වාහන සුරක්ෂිතව භාවිත නොකරන බවට විගණන විමසුම් මඟින් අනාවරණය වී තිබේ.

ඒ පිළිබඳව සැලකිල්ලට ගෙන විනිසුරුවරුන් වෙත ලබා දී ඇති මෝටර්රථ සුරක්ෂිතව භාවිත කර නැවත අමාත්‍යාංශය වෙත භාරදෙන ලෙස විනිසුරුවරුන් දැනුවත් කරන මෙන් ඉල්ලා අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණි.

අදාළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ අමාත්‍යාංශය විසින් පරිහරණය සඳහා ලබා දී ඇති මෝටර් රථ සුරක්ෂිතව භාවිත කොට නැවත භාරදිය යුතු බවය.

රෂිකා හෙන්නායක
2022.12.01

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...