අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය වැඩි වෙලා – විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා!

Date:

මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු 5 ට අඩු දරුවන්ගේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඊයේ (30දා) පැවසුවාය.

ඔක්තෝබර් මාසයට යෙදී ඇති පෝෂණ මාසයේ සිදුකරන ලද නිර්ණයන් වලට අනුව ලබාගත් වාර්තාවලින් ඒ බව තහවුරු වී ඇතැයිද ඇය සඳහන් කළාය.

ඇය ඒ බව කියාසිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් සියයට 95 ක පෝෂණ තත්ත්වය පිළිබඳ වාර්තා ලැබී ඇතැයිද ඇය කියා සිටියාය.

මෙහිදී තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මෙසේද කීවාය.

” අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තතත්ත්වය යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය සියයට 15 ක්. ඒ කියන්නේ සියයට 3 ක වැඩිවීමක් දකින්නට ලැබෙනවා. ඒ වගේම මිටි බව හා කෘෂ බව තිබෙන දරුවන්ගේ සියයට 2 ක වැඩිවීමක් පසුගිය වසරට වැඩිය දක්නට තිබෙනවා. දැන් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජය විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. දරුවන් මේ තත්ත්වයෙන් මුදාගන්න ආහාර සුරක්ෂිතතාවය වැඩි දියුණු කරලා දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය අඩු කරන්න ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ”

ඇය පැවසීය .

රෂිකා හෙන්නායක
2022.12.01

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි!

කොළඹ LNW: ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ...