*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

වකුගඩු ජාවාරම්කරුවෝ

වකුගඩුවකට කෝටි 1 1/2ක් පොරොන්දු වෙලා.

දිළිඳු පවුල්වල පුද්ගලයන්ට කෝටි ගණන් මුදල් දෙන බව පවසමින් ඔවුන් මුළා කර වකුගඩු ලබා‍ගෙන ඒවා දේශීය හා විදේශීය පුද්ගලයන්ට අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය හමුවේ ඊයේ (1) කරුණු වාර්තා කළේය.

පිරිමි පුද්ගලයන් හතර දෙනකු හා එක් කාන්තාවක මෙසේ සිය වකුගඩු දී ඇති අතර, එක් වකුගඩුවක් වෙනුවෙන් ලක්ෂ 150ක මුදලක් සැකකරුවන්ට දීමට පොරොන්දු වුවද එකී මුදල් දී නැති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

බොරැල්ල කොටා පාරේ වෙස්ටන් රෝහලේදී සැත්කම් කර මෙසේ ඔවුන් වෙත මුදල් දී නැති බවත් අවුරුදු එකහමාරක බිලිඳකුට කිරිදෙන මවක්ද මේ වකුගඩු දුන් පුද්ගලයන් අතර සිටින බවට ‍කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මේ ජාවාරම සඳහා පුද්ගලයන් යොමු කර ඇති බවත් ලංකා හොස්පිටල්, වත්තල ඇපලෝ හොස්පිටල් යන රෝහල් වෙතින් පරීක්ෂණ කර ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ කරුණු සඳහන් කළේය. වෛද්‍ය සරිෆ් නමැති අයට අයත් ‍බොරැල්ල වෙස්ටන් රෝහලේ වකුගඩු ශල්‍යකර්ම කර ඇති බවට සාක්කි ලබාගෙන ඇති අතර, මේ ජාවාරම ජාලගතව සංවිධානාත්මකව සිදුව ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කරුණු සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත දැනුම් දුන්නේය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළාය.

රෂිකා හෙන්නායක
2022.12.02

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan