*
Wednesday, October 30, 2024
spot_img

Latest Posts

කට වසා තඩි බෑම

ක්‍රිකට් ආයතනය චාමික කරුණාරත්නට වසරකට අත් හිටවූ දඬුවමක් පනවා ඇත.අත්හිට වූ යන්නෙන් අරථ ගැන්වෙන්නේ ඉදිරි කාලයේ දී වැරදි නොකරන ලෙස යම් අනතුරු හැඟවීමක්ය.එහිදි ක්‍රීඩා කරන්නට බාධාවක් නැත.චාමික සම්බන්ධ ගැටළුව එන්නේ ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වීම හරහා ය.ඊට හේතුව විනය බවට ප්‍රවෘත්ති හඹා යද්දී ශ්‍රී ලංකා ක්‍රික් නිල වශයෙන් කීවේ එවැන්නක් නොමැති බවය.හේතුව දක්ෂතා හීන වීම බවය.
පැවත්වුණේ එක්දින තරගාවලියකි.එම තරග ආකෘතිය තුළ චාමික,ඔහුගේ අවසාන තරග කිහිපයේදී අතිශයින් සාර්ථකව සිටි බැවින් එම තර්කය නොපිළිගත හැකි එකකි.දෙවන වරට චාමික ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම ඇරඹුණේ ක්‍රිකට් ආයතනයෙන්ම ලැබුණ පිළිතුර සමඟය.මන්ද මේ ඇෆගන් තරගාවලිය නැතුව සළකා බැලුව ද 2022 වසරේ වැඩිම එක්දින කඩුලුලාභීන් අතර ද වැඩිම එක්දින ලකුණුලාභින් අතර ද චාමික සිටින්නේය.
නමුත් දැන් චාමික සිටින්නේ කිසිඳු ක්‍රිකට් ආයතනය සමඟ ඇති ගිවිසුම් කොන්දේසියකට එරෙහිව වචනයක් හෝ කිව නොහැකි තත්ත්වයකය.එවැනි වටපිටාවක චාමිකට දරුණු චෝදනා ගණනනාවක් එල්ල කරමින් ප්‍රමෝදය වික්‍රමසිංහ තේරීම් කමිටු ප්‍රධානියා සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වාට යවන ලද ලිපිය මේ වන විට තිබෙන්නේ මාධ්‍යවලය.මොහාන් ද සිල්වා මේ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ බවට තොරතුරු පා වෙන්නට දෙමින් උත්සාහ කරමින් සිටින බවක් හැඟෙයි.එහිදී ක්‍රීඩා අමාත්‍යංශයට මෙන්ම ජාතික තේරීම් කමිටුවට ද රිසි නොවූ තේරීම් කරන ලද තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් චාමික සම්බන්ධ තොරතුරු අමාත්‍යංශය හරහා සමාජගත වූ බවක් පෙන්වා අවමානය ක්‍රීඩා අමාත්‍යංශ්‍ය දෙසට හැරවිය හැකි බව සිතනවා විය හැකියි.
කෙසේ හෝ මේ ප්‍රසිද්ධ කිරීම පසුපස ඇත්තේ යම් ආගමික නිකායකයට බරපතල ලෙස එල්ලවන චෝදනා නොව චාමිකව ඉවත් කිරීමට හේතුව ඔහුගේම චර්යාව බව කීම බව පැහැදිළිය.වෙර වීරිය ගෙන මේ මොහොත වන විට ක්‍රියා කරමින් සිටින්නේ චාමිකව වරදකරු කර ඔහුව අපකීර්තියට පත් කිරීම ලෙස මතුපිටින් පෙණුනද,ඉහළින්ම තිබුණ ආගමික නිකාය පදනම්ව පැවති චෝදනා යටට ගැනීමය.
ප්‍රසිද්ධ මාධ්‍යවල දී විහිළුකාරයෙක් සහ පුද්ගලයන් නොමඟ යවා අපහසුවට පත් කර විනෝදවීම විනෝදාංශ කරගත් අයෙක් සේ ප්‍රමෝදය ගැන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පවසන කතා හිඟ නැත.අද ඔහු එවැනිම විහිළුවක් කර චාමිකව අපහසුවට අපකීර්තියට පත් කිරිමේ අරමුණෙන් කටයුතු කර ඇද්ද නැද්ද යන්න අපට වඩා හොඳින් සිතාගත හැකි තැනත්තා අර්ජුන රණතුංගය.මන්ද ප්‍රමෝදයගේ හැසිරීම්වල දිග පළල එක්තරා කාලයක ඔහුගේ ක්‍රිකට් හී කැපකරු පිය භූමිකාවට පන දෙමින් නායකයාව සිටි අර්ජුන දන්නේ ය.එසේම ප්‍රමෝදය හරහා ආ ලිපියට යමක් වුණා නම් මොහාන් ද සිල්වාට ද දැනෙන්නට ඉඩ ඇත.සරලම කාරණය මේ මොහොතේ ප්‍රමෝදය,චාමික නොව විරුද්ධ කණ්ඩායම් දෙක ප්‍රධාන වශයෙන් චාමික සහ ආගමික නිකාය ය.
සමාජයේ එවැනි මාතෘකා දෙකක් පන ගැසෙමින් අඬ ගැසෙමින් තිබෙන අවධියක චාමිකට කොන්දේසි අනුව කිසිවක්ම ප්‍රමෝදය පාදක කරගෙන කියන්නට හැකියාවක් නැති ඉඩක සහ අත්හිටු වූ දඩුවමෙන්ද තව දුරටත් නිහඬ කර ගොළු කර තිබියදී මේ ආකාරයේ ප්‍රහාරයන් තුච්ඡය.ඒ නිසා ඒ තුච්ඡකම් කරන්නේ දෙවියන් වහන්සේ බේරාගන්නනම් උන් වහන්සේගේ ශ්‍රී නාමයට වැඩිම කැළල කර කැත කුණු තවරන්නේ චාමිකගේ ප්‍රවෘත්තිය විකුණන්නන්ය.එසේ නොමැතිනම් ප්‍රමෝදය සහ මොහාන් හරහා මේ ප්‍රසිද්ධවීම කෙරී ඇත්නම් ඔවුන්ය.එසේ නොමැතිනම් චාමික නොතේරීම ගැන ප්‍රශ්න කළ තරහට ක්‍රීඩා ඇමතිගේ ගොනුවෙන්ම මේ සිඳුවීම එළියට වීසි වෙන්නට ඉඩ හැරියාද යන්නද සිතා බැලි යුතුය.
පෞද්ගලිකව වරදකට දඬුවම් දී ක්‍රීඩකයෙක් යහමඟට ගැනීම සම්බන්ධයෙන් වන වගකීම ප්‍රමෝදය සිය ලිපියේ අවසන ද සඳහන් කර ඇත.කුසල් මෙණ්ඩිස්,ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල සම්බන්ධ ප්‍රශ්නයේ දී ද අප සිටියේ ඔවුන්ව නිවැරදි කර යහපත් දෙසට හැරවිය යුතුය යන මතයේය.සමාජයට මුහුණ දෙන්නට බැරි තරමට ඔවුන්ව සාපරාධී ලෙස විනාශ කරන්නට යාම දේව ගතියක් නොව සාමාන්‍යයම සාමාන්‍ය මනුස්ස ගතියක්ද නොවන බව අපේ විශ්වාසය ය.එහෙත් චාමික ගේ කාන්තාවන් සමඟ පිංතූර මෙන්ම අන් අයගේ ද කාන්තාවන් සමඟ පිංතූර සමාජ ජාලා තුළ සැරිසැරුවත් ප්‍රමෝදය ඇතුළු පිරිස කළබල වී ඇත්තේ චාමිකගේ පිංතූර ගැනය.ඒ පිංතූර කියවා ගැනීම ජීවිතය සම්බන්ධ අත්දැකිම් ඇති අවුරුදු 51 ක පැහුණු මිනිහෙක්ට නැති බව ද සිතන්නට බැරි ය.
කෙසේ හෝ දැනටමත් කුසලා සරෝජනී හිටපු විනිසුරුවරිය ප්‍රධාන කොට ගත් පස් දෙනෙක්ගෙන් යුතු කමිටුවක් ලෝක කුසලානය ඇසුරෙන් ආ චෝදනා සොයන්නට නම් කර තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශය කියන්නේය.එයට පළමුව හොයන්නට වන්නේ සැකසහිත ආකාරයෙන් චරිත ඝාතනයම පදනම් කරගෙන තේරිම් කමිටු සභාපති තැන්පත් ප්‍රමෝදය ලියූ ලිපිය සමාජ ගත කරන්නට කටයුතු කර ඇත්තේ කොයි දෙවියාගේ පුඳ පඬුරුවලින්දැයි සෙවීමය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan