ජනපති, අගමැති, හිටපු ජනපති හිටපු චීන ජනපති සෙමින් ගේ අභාවයට ශෝකය පළකරති

Date:

ඉකුත් බදාදා (30) දින ලියුකේමියා තත්ත්වය මත අභාවයට පත්වූ චීනයේ හිටපු ජනාධිපති ජියාංග් සෙමින් මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දින චීන තානාපති කාර්යාලයට පැමිණ තිබේ.

අභාවප්‍රාප්ත වූ හිටපු චීන ජනපතිවරයා පිළිබඳව සිය ශෝකය සනිටුහන් කරමින් ඒ මහතා ශෝක ප්‍රකාශ ග්‍රන්ථයට ද අත්සන් තබා ඇති බව වාර්තා වේ.

මේ අතර, අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද චීනයේ හිටපු ජනපතිවරයාගේ අභාවයට ශෝකය ප්‍රකාශ කිරීමට තානාපති කාර්යාලයට පැමිණ තිබේ.

ජියාංග් සෙමින් හිටපු චීන ජනාධිපතිවරයා අභාවයට පත්වන විට 96 වෙනි වියේ පසුවූ අතර, මියගොස් තිබෙන්නේ චීනයේ ෂැංහයි වලදී ය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුබ ගමන් රන්ජන් …..!

මෙරට ජ්‍යේෂ්ඨතම බැංකුකරුවකු වූ ඩේමියන් රන්ජන් මැල්ලව මහතා අභාවප්‍රාප්ත...

සූරයන් සූරතා සටනින් ඉවතට

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW: හොංකොං ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට්...

වැසි තත්වයේ වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 08) දිනයේදී දිවයිනේ බොහෝ...

කොටහේනේ වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, කොටහේන, 16 වැනි පටුමග ප්‍රදේශයේදී...