ජනපති, අගමැති, හිටපු ජනපති හිටපු චීන ජනපති සෙමින් ගේ අභාවයට ශෝකය පළකරති

0
255

ඉකුත් බදාදා (30) දින ලියුකේමියා තත්ත්වය මත අභාවයට පත්වූ චීනයේ හිටපු ජනාධිපති ජියාංග් සෙමින් මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දින චීන තානාපති කාර්යාලයට පැමිණ තිබේ.

අභාවප්‍රාප්ත වූ හිටපු චීන ජනපතිවරයා පිළිබඳව සිය ශෝකය සනිටුහන් කරමින් ඒ මහතා ශෝක ප්‍රකාශ ග්‍රන්ථයට ද අත්සන් තබා ඇති බව වාර්තා වේ.

මේ අතර, අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද චීනයේ හිටපු ජනපතිවරයාගේ අභාවයට ශෝකය ප්‍රකාශ කිරීමට තානාපති කාර්යාලයට පැමිණ තිබේ.

ජියාංග් සෙමින් හිටපු චීන ජනාධිපතිවරයා අභාවයට පත්වන විට 96 වෙනි වියේ පසුවූ අතර, මියගොස් තිබෙන්නේ චීනයේ ෂැංහයි වලදී ය.

MIAP