වොලිබෝල් අනාගත ජයග්‍රහණ සොයා ඇවිදින DSI වොලිබෝල් සටහන අද සහ හෙට

Date:

ශ්‍රී ලංකාවේ වොලිබෝල් වර්ථමානය හැඩ කරන බොහෝ ක්‍රීඩකයින්ගේ පළමු සටහන
ඇත්තේ ඩීඑස්අයි පාසල් වොලිබෝලය සමඟය.වසර විස්සක් තිස්සේ අනාගතය වෙනුවෙන්
ක්‍රීඩකයින් ගොඩනඟන මේ තරගාවලියේ විසිවැන්න අද සහ හෙට කොළඹ සුගතදාස
ගෘහස්ථ ක්‍රීඩාංඝණයේදි පැවත්වේ.
ශ්‍රී ලංකා පාසල්‌ වොලිබෝල්‌ සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා
එක්ව පැවත්වෙන දෙසැම්බර් මස 03 සහ 04 යන දින වලදී තරග ආරම්භය පෙ.ව.
7.30 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිඳුවෙනු ඇත.
අවසාන තරග සඳහා වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගි කරවන්නේ
නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලය වන අතර උහන තිස්සපුර විද්‍යාලය මෙන්ම හුංගම
විජයබා විද්‍යාල වලද කණ්ඩායම් කිහිපියක්ම අවසාන තරග සඳහා පැමිණ තිබෙනු
දකින්නට ඇත.එසේම මීගමුව ලොයෙලා විද්‍යාලයෙන් අවසාන තරගයක් සදහා
කණ්ඩායමක් තේරි තිබිමද දැකිය හැක්කේ පළමු වතාවටය.
එම දිනයන් වලදී තරග පැවැත්වෙන ආකාරය පහත දක්වා ඇත.

දිනය තරඟ

අංකය වේලාව වයස් කාණ්ඩය කණ්ඩායම්

2022
දෙසැම්බර් 03

අංක 01
පෙ.ව 8.00
11න් පහළ බාලිකා
ධම්මිස්සර ජාතික පාසල,
නාත්තන්ඩිය සහ
පලුගොල්ල යාය 10 ම.වි.,ගල්ගමුව

අංක 02
පෙ.ව 9.30
11න් පහළ බාලක
ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය සහ ජනාධිපති ජාතික පාසල, නාත්තන්ඩිය

අංක 03
පෙ.ව 11.00
13න් පහළ බාලිකා
හුංගම විජයබා ජාතික පාසල, හම්බන්තොට සහ ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය

අංක 04
ප.ව 12.30
13 න් පහළ බාලක
ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය සහ ජනාධිපති ජාතික පාසල, නාත්තන්ඩිය

අංක 05

ප.ව 2.30

15න් පහළ බාලිකා
උහන තිස්සපුර විද්‍යාලය, උහන සහ හුංගම විජයබා ජාතික පාසල, හම්බන්තොට

අංක 06

ප.ව 4.00

15න් පහළ බාලක
ජනාධිපති ජාතික පාසල, නාත්තන්ඩිය සහ වළගම්බා ම.වි., ගලපිටමඩ 2022 17න් පහළ බාලිකා උහන තිස්සපුර විද්‍යාලය, උහන සහ

දෙසැම්බර් 04

අංක 01 – පෙ.ව 8.00 හුංගම විජයබා ජාතික පාසල, හම්බන්තොට
අංක 02 – පෙ.ව 10.00 17න් පහළ බාලක ලොයොලා විද්‍යාලය, මීගමුව සහ
පන්නල ජාතික පාසල, පන්නල
අංක 03 – ප.ව 1.00 19න් පහළ බාලිකා උහන තිස්සපුර විද්‍යාලය, උහන සහ
ගන්කන්ද මධ්‍ය විද්‍යාලය, පැල්මඩුල්ල
අංක 04 – ප.ව 3.00 19 න් පහළ බාලක දවිසමර මහා විද්‍යාලය, සිදුව සහ
ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව


මෙම තරගාවලියේ 2022 දෙසැම්බර් මස 03 දින 15 න් පහළ බාලක අවසන් මහා
තරගය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වීමට නියමිත අතර 2022 දෙසැම්බර් මස 04 දින 19 න් පහළ බාලක අවසන්
මහා තරගය අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල් ප්‍රේම්ජයන්ත මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
මේ සමඟ ඇත්තේ තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් හි ඡායාරූපය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...

රට වනසන ගල් අඟුරු මාෆියාවට එරෙහිව කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:පුනරුදය සඳහා අඩු මිලට ස්වභාවික බලශක්ති රැකගැනීම වෙනුවෙන්...