*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

හිට්ලර් යනු ලේ පිපාසිත ඒකාධිපතියකු බවට සිහිපත් කර දුන් බයිඩන්ට විපක්ෂ නායක සජිත්ගෙන් තුටු පඬුරක්!

ඊයේ (02) දින එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් සිය නිල ට්විටර් ගිණුම හරහා අපූරු ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එමඟින් ඔහු පවසා තිබුණේ මෙවැන්නකි.

“මා කරුණු කිහිපයක් පැහැදිලිව සඳහන් කළ යුතුයි: මහා සමූලඝාතනය සිදුවූවා. හිට්ලර් යනු යක්ෂාවේෂ ගත් චරිතයකි. ඊට වේදිකාවක් සපයනු වෙනුවට, අපගේ දේශපාලන නායකයන් සිදුකළ යුත්තේ එවන් යුදෙව් විරෝධී මතවාදයන් සැඟවී සිටින්නේ කොහේ ද ඒවා ප්‍රතික්ෂේප කර දැමීමට කටයුතු කිරීමයි. නිහඬබව යනු පාපයට සහාය දැක්වීමකි.”

(I just want to make a few things clear: The Holocaust happened. Hitler was a demonic figure. And instead of giving it a platform, our political leaders should be calling out and rejecting antisemitism wherever it hides. Silence is complicity.)

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ට්විටර් පණිවිඩය ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රියත්වයක් ගත්තේ ඉකුත් දින මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා හිට්ලර් කෙනෙකු මෙන් කටයුතු කළ බවට පාර්ලිමේන්තුවේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟය.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ට්විටර් පණිවුඩය ඉලක්ක කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයාට ද යන්න පැහැදිලි නැත. ඇමරිකානුවන් අතර කතා බහ ඇතිව තිබෙන්නේ ඉකුත් දිනෙක ජනප්‍රිය රැප් ගායකයකු වන කාන්යෙ වෙස්ට් විසින් ස්වස්තිකය (swastika) ප්‍රදර්ශනය කර නාසිවරුන්ට තමා පක්ෂ බව පැවසීමත් සමඟ ඔහුගේ ට්විටර් ගිණුම අත්හිටුවීමට සමඟාමීව ඇමරිකානු ජනපතිවරයා මෙම පණිවුඩය නිකුත් කළ බවය.

කෙසේවෙතත්, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) දින උදෑසන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ, හිට්ලර් යනු “ලේ පිපාසිත ඒකාධිපතියකු” බවට සිහිපත් කර දුන් සැබෑ ජනාධිපතිවරයකු දක්නට ලැබීම අගය කළ යුතු කරුණක් බවයි.

සැබෑ නායකත්වය යනු එය බව ඔහු ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේය.

“හිට්ලර් යනු කොපමණ ලේ පිපාසිත ඒකාධිපතියකු ද යන්න මහජනතාවට සිහිපත් කර දුන් සැබෑ ජනාධිපතිවරයකු දක්නට ලැබීම අගය කළ යුතු ය. එක්සත් ජනපද ජනාධිපතිතුමනි, එයයි නායකත්වය,” සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.

(Great to see a REAL President take a public stand and call out the bloodthirsty dictator that Hitler was. That’s leadership, President of the United States)

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan