ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 68 ක අයවිය යුතු මුදලක්!

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 68 ක මුදලක් අය විය යුතුව පවතින බව වාර්තාවේ.

ගබඩා පහසුකම් ලබාගෙන මුදල් නොගෙවූ ආයතන 6කට සහ මේ වනවිට ගබඩා පහසුකම් ලබාදී ඇති ආයතන දෙකකට එරෙහිව නඩු පවරා ඇති බව ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව සතුව පවතින ගබඩා 120 න් 57 ක් රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෙත ලබාදී ඇති අතර ගබඩාවල ආහාර සංචිත නොමැති වුව ද ඔවුන් ලබාගෙන ඇති ගබඩා සඳහා වන හිඟ මුදල් ගෙවීම අනිවාර්ය වේ.

පසුගියදා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත්කළ විගණන වාර්තාවකට අනුව රුපියල් කෝටි 12 කට ආසන්න හිඟ මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත අය විය යුතුව පැවතුණි.

ඊට අදාළව හිඟ මුදල් ගෙවීමට ඇති ආයතන කෝපා කමිටුව වෙත කැඳවා තිබු අතර එහිදී අදාළ ආයතන දැනුවත් කිරීමෙන් අනතුරුව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ගබඩා පහසුකම් ලබාගත් ආයතනවලින් හිඟ මුදල් ගෙවීම සිදුකර තිබේ.

කෙසේවෙතත් ගබඩා පහසුකම් ලබාගත් තවත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයකින් හිඟ මුදල් අය විය යුතුව පවතින අතර ඒ පිළිබඳව අදාළ ආයතන වෙත දැනුම්දීමට පියවර ගෙන ඇති බවත් ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා සඳහන් කළේය.

මේ අතර ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට හිමි වූ සහල් මෙට්‍රික් ටොන් 4,000 ක්, පරිප්පු මෙට්‍රික් ටොන් 6,000 ක් සහ තායිලන්තයෙන් හිමිවූ සහල් මෙට්‍රික් ටොන් 1,000 ක් මේ වන විට ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා සතුව පවතී.

එම භාණ්ඩ අලෙවි නියෝජිතයින් හරහා දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයින් වෙත ලබාදිම සිදු කෙරෙන බව සඳහන් වේ.

රෂිකා හෙන්නායක
2022.12.03

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි මිනිස් ගැටුම මැඩපවත්වන්න ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 11, කොළඹ LNW: ලුණුගම්වෙහෙර දකුණු ඉවුර, මිහිදුපුර, අභයපුර ඇතුළු...

ශ්‍රී ලංකාවේ 81 වැනි අයවැය හෙට (12) : ජනපති අනුර විසින්

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW: 2027 අයවැය ලේඛනය හෙට(12)...

විහාර මහා දේවි උද්‍යානයෙන් රුවන්වැලි මහා සෑ පරිශ්‍රයට ගිය කස්සප හිමිට ත්‍රිකුණාමලය අධිකරණයෙන් වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ...

රනිල්ගේ නඩුව අදත් කල්යන ලකුණු. රනිල් චීනයට සහ ඉන්දියාවට ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම්...