විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක්!

Date:

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ සඳහා ක්‍රීඩා, සෞඛ්‍ය, තරුණ ඇතුළු අමාත්‍යාංශ කිහිපයක සහයෝගය ලබා ගෙන අදාළ නව වැඩපිළිවෙළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

2022 ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ (03) සංවිධානය කර තිබූ ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විවිධ හැකියාවන් ඇති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින අතර ඔවුන්ගේ නිර්මාණශිලි කුසලතාවයන් රටේ අනාගත දියුණුව වෙනුවෙන් ඵලදායීව යොදා ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනවල පවතින අඩු පාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ සොයා බලා එම අංශයන්හි පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා බව ද පැවසීය.

කාන්තා, ළමා කටයුතු, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, ආබාධ සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබූ මෙම උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්විම් අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අනුරාධා හේරත් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රෂිකා හෙන්නායක
2022.12.04

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ චෙන්නායි ජායාරූප ශිල්පියෙකු මෙරරට ගෙන ආ “කුෂ්”!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14,කොළඹ LNW : ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය නාශක...

අද තැන තැන වැසි – කාලගුණ නිවේදනය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : අද (14) දිනයේ...

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...