අනිද්දා වෙනකං නම් විදුලිය කපන්නෙ නෑ – ලොකුගේ

Date:

අනිද්දා තෙක් අඛණ්ඩව විදුලි සැපයුම පිළිබඳව සහතික කළ හැකි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. දැවිතෙල් මෙට්‍රික් ටොන් 3000 ක් කැලණිතිස්ස බලාගාරය වෙත ලැබී තිබෙන බැවින් විදුලිය නිෂ්පාදනය අඛණ්ඩව සිදුකළ හැකි බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

ලබන 22 වැනිදා දක්වා විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබාදෙන ලෙස ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බවත් හෙට දිනයේදී ඛනිජ තෙල් බළධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් ලොකුගේ මහතා සඳහන් කරනවා. එහිදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් විදුලි සැපයුම පිළිබඳව තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඔහු පවසයි.

විදුලිබල මණ්ඩලයෙන් ඛනිජ තෙල් සංස්ථාවට පියවීමට තිබෙන බිලියන 80 න් සැළකිය යුතු ප්‍රමාණයක් යහපාලන රජය සමයේදී සිදුව ඇති ණය බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ඒ් සඳහාද තමන්ට වගකීමට සිදුව ඇති බවයි. කොවිඩ් වසංගත තත්වය මත විදුලි පාරිභෝගිකයන්ට ලබාදුන් සහන හේතුවෙන් රුපියල් බිලියන 44 කට වැඩි ප්‍රමාණයක් අයකර ගත යුතුව තිබෙන බවත්, එම මුදල් ලැබුණහොත් විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින අර්බුදය සඳහා සැළකිය යුතු සහනයක් ලැබෙන ඇති බවත් ඔහු පවසනවා.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම නිසා දෛනිකව මෙගාවොට් 300 ක ධාරිතාවයක් අහිමි වන අතර එම ජනන යන්ත්‍රය 22 වැනිදා වනවිට යථා තත්වයට පත්වනු ඇති බවටද ලොකුගේ මහතා විස්වාසය පළ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...

ලහිරු සහ තරිඳු ටෙස්ට් වරම් දිනා ගනියි

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: බංගලාදේශයට එරෙහිව පැවත්වෙන ටෙස්ට්...