සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ඇප් එකක්!

Date:

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඔහුගේ සභාපතිත්වයෙන් පසුගිය 30 දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ගෙන ඇති සහ ගැනීමට බලාපොරොත්තු වන පියවර පිළිබඳ පැහැදිලිකරමින් අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ජනවාරි මාසයේදී මෙම ජංගම යෙදවුම භාවිතයට ගැනීමට බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් පැවසීය.

එසේම මෙම යෙදවුම මගින් සංචාරකයන් කැමති නම් ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමට අවසර ලබාදීම, ඒ තුළින් ඔවුන් අතරමංවුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවෙන් පියවර ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලිස් කණ්ඩායමක් සංචාරක ආකර්ෂණය සහිත සෑම මුහුදු තීරයකම ස්ථානගතකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන්ම 2023 වර්ෂයේදී සංචාරකයින් ලක්ෂ 15 මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කොට ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

එසේම ඉඩම් මැනුම් කටයුතු ප්‍රමාදවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම මිනුම් කටයුතු බාහිර පාර්ශ්ව මගින් ඉටුකරගැනීමට ඇති හැකියාව පරීක්ෂාකොට ඉක්මනින් මෙම මැනුම් කටයුතු අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි. මේ පිළිබඳ වාර්තාවක් මීළඟ කමිටු වාරයේදී ලබාදීමට ද අමාතයවරයා මෙහිදී නිර්දේශ කළේය.

මීට අමතරව විවිධ දිස්ත්‍රික්කවල පවතින ඉඩම් සම්බන්ධ ගැටලු පිළිබඳව සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

මෙම අවස්ථාවට, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, අනුප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, චන්දිම වීරක්කොඩි, (මේජර්) සුදර්ශන දෙණිපිටිය, කපිල අතුකෝරල, කරුණාදාස කොඩිතුවක්කු, ඩී. වීරසිංහ, වසන්ත යාපා බණ්ඩාර, එස්.එම්.එම්. මුෂාරෆ්, උදයන කිරිඳියගොඩ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ඉසුරු දොඩන්ගොඩ, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, සුදත් මංජුල, එම්. රාමේෂ්වරන්, සුජිත් සංජය පෙරේරා සහ කුමාරසිරි රත්නායක යන අය සහභාගී වූහ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...