අලුතින්ම එකතුවෙන හර විෂයය …

Date:

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළට හර විෂයක් ලෙස ඉදිරියේ දී එකතු කිරීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මීට සමගාමීව නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ‘රොබෝටික්ස්, කෘත්‍රීම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා සමග තොරතුරු තාක්ෂණය මුසු කර සිසුන් දැනුමෙන් මෙන් ම තාක්ෂණයෙන් ද සන්නද්ධ කිරීම මගින් මේ අනාගත අභියෝග ජයගැනීමේ මාවත තැනීමේ වේගවත් ක්‍රියාදාමයක නිරත විය යුතුව පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ, ජාතික මට්ටමින් පවත්වන ලද ‘තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ‘ තරගාවලියේ ජයග්‍රහණ ලබාගත් සිසුන් සහ ගුරු භවතුන් උදෙසා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවය අවස්ථාවට එක් වෙමිනි.

මෙම තරගාවලිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන ශාඛාව, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක සංගමය එක්ව සංවිධාන කර ක්‍රියාත්මක කරනු ලැබීය.

පාසල් 1000ක් සඳහා මිලියන 1000ක් වැය කර අන්තර්ජාල පහසුකම් සපයා දිවයිනේ කිසි දු පාසලක් ඉදිරියේ දී හුදකලා වීමට ඉඩ නොහැර එක ම ජාලයකට ගෙන ලබන මාර්තු-අප්‍රේල් වන විට සියලු ගුරු-විදුහල්පතිවරුන් එම පරිගණක ජාලයේ ජාලගත කර ඔවුන්ගේ ස්ථානගත කිරීම්, උසස්වීම් ආදි සියල්ල එම ජාලය හරහා සිදු කරමින් කාර්යාලීය හා පරිපාලනමය පිරිමැස්මක් ඇති කිරීමට ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

රෂිකා හෙන්නායක
2022.12.05

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...