ලබන ජනවාරි මාසයේදී අනිවාර්යයෙන්ම විදුලි ගාස්තු වැඩිකිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එසේ ගාස්තු වැඩි නොකරන්නේ නම් දිනකට පැය හතක් – අටක් වැනි කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
ඒ අනුව, ලබන වසරේ විදුලි බිල වැඩිකිරීමට හෝ අඳුරේ සිටින්නට හුරුවීමට හෝ සිදුවනු ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.
අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුව අමතමිනි.
RN