ගූගල් නවතාවයකින් එක්සත් රාජධානියට

Date:

ගූගල් එක්සත් රාජධානියේ සිය කාර්යයන්හි ධාරිතාව 50% කින් පුළුල් කරමින් වැඩ පරිසරය “ප්‍රබෝධමත්” කරන නව ආයෝජනයක් සිදු කිරීමට සුදනම්ව සිටී.

මෙහිදි එම සමාගම පවුම් මිලියන 730ක් (ඩොලර් බිලියන 1ක්) වැය කරන අතර එමගින් සේවක සංඛ්‍යාව 6,400 සිට 10,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.

එය සමාගම මේ වන විට Central Saint Giles මහල් ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට සුදානම්ව සිටී. ගූගල් හි එක්සත් රාජධානියේ ප්‍රධානියා වන රොනන් හැරිස් විදෙස් මාධ්‍යයට පැවසුවේ මෙම ආයෝජනය සමගින් සිය සමාගමේ විශ්වාසය තවදුරටත් ඉහළ නංවන බවයි.

නව ගොඩනැගිල්ල මිලදීගැනීමෙන් පසු, එහි කාර්යාලයන් පවුම් මිලියන ගණනක ප්‍රතිසංස්කරණයක් මත නැවත ඉදි කරයි.

කොවිඩ් තත්වයත් සමගින් නිවසේ සිට ගත කරන කාර්යාලිය කටයුතු සඳහා නව තාවයකින් සහ සෞඛාරක්ෂිතව සිය කාර්යය මණ්ඩලය සතියට දින තුනක්වත් සේවයට කැඳවීමට ගුගල් සමාගමට අවශ්‍ය වී ඇත.

විශේෂයෙන්ම එක්සත් රාජධානියේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සේවා ස්ථානයට නැවත පැමිණීම ඉතා වැදගත් බව එරට ආර්ථික අංශ පෙන්වා දෙයි.

නමුත් පසුගිය වසරේ මැයි මාසයේදී ට්විටර් පැවසුවේ කාර්ය මණ්ඩලයට “සදහටම” නිවසේ සිට වැඩ කළ හැකි බවයි.

නමුත් ගූගල් මෙන්ම ඇපල් ද පවසා ඇත්තේ සේවකයින් සතියකට අවම වශයෙන් දින තුනක්වත් කාර්යාලයේ සිටීම අපේක්ෂා කරන බවයි.

මෙය ආයතනයේ සමහර සේවකයින්ගේ දැඩි විරෝධයට හේතු වී ඇත.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...