SL tv : කිංස්ලි ඕස්ට්‍රේලියාවේ සිට අලුත් වැඩකට අතගසයි

Date:

ප්‍රවීන සන්නිවේදක කිංස්ලි රත්නායක විසින් SL tv නමින් නව ටෙලිවිෂන් නාලිකාවක් ආරම්භකර තිබේ. තොරතුරු සහ වින්දනය සරලව ගෙනඒම මූලික අරමුණින් යුතුව එම නාලිකාව ආරම්භ කරනබව ඔහු පවසයි.

ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ සිටිනා ලාංකිකයන් හට චැනල් 31 නාලිකාවෙන් සෙනසුරාදා උදේ නවයේ සිට සහ ලොව පුරා විවිධ රටවල වෙසෙන විදෙස්ගත ලාංකික ප්‍රජාවට sltv.com.au වෙතින් මෙම රුපවාහිනී සේවාව නැරබීමට හැකිවනු ඇත.

ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු සේම, දේශපාලනය මෙහි නොමැති බවත්, අපූරු වැඩසටහන් පෙලගැස්මකින් නවමු ආකාරයට රසවින්දනය ලබා දීමට අදහස් කරන බවත් කිංස්ලි වැඩිදුරටත් පැවසිය.

www.sltv.com.au වෙබ් අඩවිය හරහා ටෙලිවිෂනයේ යූටියුබ් නාලිකාවට නොමිලේ ලියාපදිංචි වීමෙන් ඔබටද එහි ග්‍රාහක සාමාජිකත්වය ලබාගත හැක. සාමාජිකත්වය වෙත පිරිනැමෙන විශේෂ අවස්තාවන් සදහා එහිදී ඔබට දොරටු විවර වනු ඇත.


එක්වෙමු-වෙනස් වෙමු-අලුත් වෙමු  …ඒ   SL tv පැතුමයි.

කිංස්ලිගේ අලුත් ප්‍රවේශයට හා SL tv නාලිකාවට LNW උණුසුම් සුබපැතුම් !

https://youtu.be/quxt2DkFyJA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...