වැට් සහ ආදායම් බදු අය කෙරෙන අයුරු

Date:

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කිරීමට අදාළව ගෙනආ දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (09) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

ඒ අනුව මෙම පනත්වලට අදාළ නියෝග ලබන ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වෙයි.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 82ක් හා විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 41 කි.

මේ අතර දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත ද වැඩි ඡන්ද 43 කින් සම්මත වුණි.

ඊට පක්ෂව ඡන්ද 79 ක් හා විපක්ෂව ඡන්ද 36 ක් හිමි විය.

ඒ අනුව එකතු කළ අගය මත බදු පනතට ගෙනආ සංශෝධන 2023 ජනවාරි 01 වනදා සිට බලාත්මක වන අතර මහල් නිවාස මිලදී ගැනීමේදී සියයට 15ක වැට් බද්දක් ගෙවිය යුතු වෙයි.

කෙසේවෙතත් අදාළ වැට් බද්ද ගෙවිය යුතු වන්නේ මහල් නිවාස පළමු වර මිලදී ගන්නා පුද්ගලයින් පමණි.

මේ අතර මෙතෙක් පැවති රුපියල් මිලියන තුන්සියයක වාර්ෂික පිරිවැටුමකට අය කෙරුණු සියයට 15ක් වූ වැට් බද්ද වාර්ෂිකව රුපියල් මිලියන 80ක පිරිවැටුමක් ලබන ව්‍යාපාරවලට ද අදාළ කර තිබේ.

සම්මත වූ දේශීය ආදයම් පනත් කෙටුම්පතේ සංශෝධන ද 2023 ජනවාරි පළමු වනදා සිට ක්‍රීයාත්මකය.

ඒ අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින් ආදායම් බදු ගෙවීමට යටත් වෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...