රුසියාවේ යුද ආධාරකරුවා ගැන හෙළිදරව්වක්

Date:

ඉරානය රුසියාවේ ඉහළ යුද ආධාරකරුවා බවට පත්ව ඇති බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවසන්නේ රුසියාව සහ ඉරානය අතර යුද සබඳතාව මේ වනවිට ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව එම රටවල් එක්ව මාරාන්තික ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීමට සලකා බලමින් සිටින බවට වාර්තා වන බව ජෝන් කර්බි පවසයි.

පසුගියදා රුසියාව විසින් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් ඩ්‍රෝන යානා ඉරානය විසින් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඉරානය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...