වායු තත්ත්වය යහපත් අතට

Date:

ශ්‍රී ලංකාව තුල පැවති අධික වායු දුෂණ තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති අතර (09) උදැසන දත්තයන් ට සාපේක්ෂව නාගරික ප්‍රදේශ වල මධ්‍යස්ථ වායු දුෂණ මට්ටමක් පවතින අතර ග්‍රාමීය ප්‍රදේශවල වායු ගුණ තත්ත්වය හොද මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානය මගින් පවත්වාගෙන යන වායු තත්ත්වය අධීක්ෂණ මධ්‍යස්ථාන මගින් ලබාගත් දත්තයන්ට අනුව,දෙසැම්බර් 7 සහ 8 දිනවලදී ශ්‍රී ලංකාව අවට වායුවේ ගුණාත්මක මට්ටම අඩුවී ඇති බවට නිරීක්ෂණය වී ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගෝලයේ සියුම් අංශු (PM2.5) මට්ටම පැවතිය යුතු මට්ටමට වඩා ඉහල ගොස් ඇති බව දැක්වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස පරිසරයේ පාරදෘශ්‍යතාවය යම් ප්‍රමාණයකට අඩු වී තිබේ.මෙසේ වායුවේ ගුණාත්මක මට්ටම පිරිහීමට හේතුව, මේ දිනවල බෙංගාල බොක්ක තුල පවතින අඩු පීඩන තත්ත්වයත් සමග ඇතිවී ඇති සුළිකුණාටු තත්ත්වය මගින් සුළං දිශාව වෙනස් වී ඉන්දියානු උප මහාද්වීපය හරහා ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන සුළං සමග වායු දූෂක (වායු අංශුමය ද්‍රව්‍ය) ශ්‍රී ලංකාවේ වායුගෝලයට පැමිණීමයි.‍

මෙම තත්ත්වය අන්තර්-දේශසීමා වායු දුෂණය ලෙස හදුන්වන අතර දේශීය වායු දුෂක හා මෙම අන්තර්-දේශසීමා වායු දුෂණයේ එකතුව මගින් මෙම තත්ත්වය ඇති වී තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවල මෙම තත්ත්වය දැකිය හැකි අතර එමගින් සෞඛ්‍යමය ගැටලු ඇතිවීමේ හැකියාවක් පවතී.


මෙම තත්ත්වය නාගරික ප්‍රදේශවල වැඩි අගයක් ගන්න අතර ශ්‍රී ලංකාව සදහා පරිසර අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති උපරිම තත්ත්වයන් ඉක්මවා යන අතර ග්‍රාමීය ප්‍රදේශ වලද තරමක වැඩි අගයක් පවතී.ඒ හේතුවෙන් N90 හෝ N95 මුහුණු ආවරණ පැළඳීම, නිවෙස් තුළ රැදී සිටීම, පිටත වැඩ කරන කාලය අවම කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම මගින් මෙම තත්ත්වය මගින් ඇතිවියහැකි සෞඛ්‍ය ගැටලු අවම කරගත හැකිවේඑසේම විවෘත ගිනි තැබීම්, වාහන අනවශ්‍ය ලෙස භාවිතා කිරීම, වාහන නිකරැනේ පනගන්වා තැබීම, විදුලි ජනක හා වෙනත් වායු දූෂක විමෝචන යන්ත්‍ර ක්‍රියාකාරිත්වය අවම කිරීම යනාදි ක්‍රියාමාර්ග මගින් වාතයේ ගුණාත්මකභාවය තවදුරටත් පිරිහීම අවම කිරීම කල හැකියි.

මෙසේ වායුගෝලයේ සියුම් අංශු මට්ටම් වැඩි වීම තාවකාලික හා කෙටි කාලීන වන අතර කාලගුණික තත්ත්වයන්, විශේෂයෙන් පවතින සුළං රටාව මත වෙනස් වීමත් සමග වෙනස් විය හැකි බව එම සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල අඛණ්ඩ කාලීන වායු ගුණ දත්ත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියෙන් (nbro.gov.lk ) ලබා ගත හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...