ජාත්‍යන්තර සිංහ සමාජය මෙරටට ලබාදෙන සහාය ජනපතිගේ ඇඟයීමට

Date:

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ කුසලතා නඟා සිටුවීමට ජාත්‍යන්තර සිංහ සමාජය ලබාදෙන සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇඟයීමට ලක් කළේය.

2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ ජනාධිපතිවරයාගේ දැක්ම සාක්ෂාත් කර ගනිමින් තරුණ තරුණියන්ට තම නිර්මාණශීලී නිපුණතා උපයෝගී කරගෙන අනාගතයට නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට සිය දායකත්වය ලබාදීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බියගම ප්‍රදේශයේ පිහිටුවීමට සිංහ සමාජයේ සහාය හිමිවීම පිළිබඳව ජනාධිපතිවරයා සිය සතුට පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ ජාත්‍යන්තර සභාපති බ්‍රයන් එඩ්වඩ් ෂීහාන් (Brian Edward Sheehan) මහතා අතර (09) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සහ තරුණයින් අතර සිදුවන හානිකර මත්පැන් භාවිතය අවම කිරීම සඳහා සිංහ සමාජය තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වන ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සහ රටේ සංවර්ධන වැඩපිළිවෙළට දායකවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ලියෝ සමාජයේ හිටපු ජාත්‍යන්තර සභාපති මහේන්ද්‍ර අමරසූරිය මහතාට ආරාධනා කළේය.

ජාත්‍යන්තර සිංහ සමාජයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන සහාය අගය කළ ෂීහාන් මහතා, ලියෝ සමාජයට සාමාජිකයින් 6,500ක් බඳවා ගැනීමට දෙසැම්බර් 11 වැනි දින පැවැත්වෙන සංසදයට ජනාධිපතිවරයා දක්වන දායකත්වය පිළිබඳව ස්තුතිය පළ කළේය.

“ලියෝ (Leos)” යනු යමක් ක්‍රියාවට නැංවීමේ තම බලය අවබෝධ කරගත් තරුණ තරුණියන් බව සඳහන් කළ ෂීහාන් මහතා මෙම සංසදය තරුණ තරුණියන්ගේ කුසලතා ඔප් නංවා ගැනීම සඳහා සුදුසු අවස්ථාවක් වනු ඇති බවත් පැවසීය.

වසර 33ක් පුරා ජාත්‍යන්තර ලියෝ සමාජයේ සහ සිංහ සමාජයේ සාමාජිකත්වය දරණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිංහ සමාජයේ ජාත්‍යන්තර සභාපතිවරයා විසින් මෙහිදී සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

සිංහ ලොරි මාරි ෂීහාන් (Lori Marie Sheehan), සිංහ මහේෂ් පැස්කුවල්, සිංහ සුනිල් වටවල, සිංහ අනුර වික්‍රමනායක, සිංහ ලසන්ත ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...