මන්ත්‍රී ජයන්ත සමරවීරගේ පහරදීමකින් හිටපු සංවිධායක රෝහලේ !

Date:

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සහ ඔහුගේ ආරක්ෂකයින් විසින් කළ පහරදීමකින් තුවාල ලද පුද්ගලයකු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු ආසන සංවිධායකවරයෙකි.

ඔහු ප්‍රදේශයේ අවමංගල්‍ය අවස්ථාවකට සහභාගී වී යතුරු පැදියකින් ආපසු පැමිණෙමින් සිටියදී සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණි මන්ත්‍රීවරයා ඔහුව නවතාගෙන ඇති අතර මන්ත්‍රී ආරක්ෂකයින් දෙදෙනා දෑත්වලින් අල්ලාගෙන සිටියදී මන්ත්‍රීවරයා ඔහුට පහරදී ඇති බවටයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

පොලිසියට පැමිණිලි කරන අතරවාරයේ සිහිසුන් වීම නිසා ඔහුව ගිලන් රථයකින් බණ්ඩාරගම රෝහලට ගෙනගොස් ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ චෝදනාව අසත්‍යය බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...