විශ්‍රාම වයස වෙනස් කිරීම ගැන වෛද්‍යවරුන්ගේ ප්‍රසාදය! (VIDEO)

Date:

වෛද්‍යවරු වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම වළක්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හරහා රෝහල් පද්ධතිය මුහුණ දී සිටි විශාල අර්බුදයක් යාම සමනය වීමක් සිදු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ වයස් අවුරුදු 60 න් වෛද්‍යවරු විශ්‍රාම යාමට සැලැස්වීමෙන් රෝහල් පද්ධතිය විශාල අර්බුදයක පැවති බවයි.

අනෙක් අතට තවත් වෛද්‍යවරු පිරිසක් රට හැර යමින් සිටින නිසා පවතින වෛද්‍ය හිඟය පියවීමට දැනට රෝහල් තුළ සිටින වෛද්‍යවරුන්ට හා විශ්ව විද්‍යාල වලින් පිටවන පිරිසට හැකියාවක් නොමැති බවයි කොළඹගේ මහතා පැවසුවේ.

එහෙයින් වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම වයස අවුරුදු 60 සිට 63 දක්වා වෙනස් වීම සුභදායක දෙයක් බව ඔහු පෙන්වාදුන්නේය.

එමෙන්ම මේ වන විට රෝහල් තුළ පවතින සේවක හිඟය,උපකරණ හිඟය, ඖෂධ හිඟය නිසා සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේ අර්බුදයක් මතුව තිබෙන බවද හෙතෙම සඳහන් කරන ලදී.

මේ අතර රටේ පවතින තත්ත්වය එක්ක අලුතෙන් පුහුණුවන විශේෂඥ වෛද්‍යවරු රට හැර යාමේ තත්ත්වයක් පවතින බවත් එය කණගාටුවට කාරණයක් වන හෙයින් එම වෛද්‍යවරු හරහා විදේශ විනිමය උපයා ගැනීමේ වැඩපිළිවෙලක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවතිය යුතු බවයි ඔහු පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ලංකාව අහක බලාගෙන ඉන්න පයේ හැපෙන ඉල්ලම් ගොඩ

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: ශ්‍රී ලංකාව කාටවත් දෙවැනි...

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...