යම් විෂයක අනන්‍යතාවය ඊටම ආවේනික විය යුතුය.එහෙත් නොදියුණු මනසකින් වැඩ කරන ආත්ම විශ්වාසය බිදුණු මිනිසුන් සිඳු කරන්නේ වෙන කුමන හෝ ඇදහීමක එල්ලීමය.එසේම ඊට වඩා සට කපට දියුණු මිනිසුන් එම විශ්වාසය ව්‍යාපාරික හැඩයකින් පවත්වා ගෙන යාමට අවශ්‍යය පාරිභොගිකයන් එකතු කර ගැනීම සිඳු කරයි.ඒ අය නොදන්නාකම, නොදැනුවත්කම,අධ්‍යාත්මිකව හෝ භෞතිකව පෙළෙන දුප්පත්කමට ආගම අලෙවි කර දියුණුවෙන හැටි දනියි.
මෙවර එල්පීඑල් තරගාවලියේ මේ දක්වා තරගවලදී කිසිදු ජයග්‍රහණයක් වාර්තා කරන්නට අසමත් වූ කණ්ඩායම බවට ශ්‍රී ලංකා 20/20 ජාතික කණ්ඩායමට නායකත්වය දෙන දසුන් ශානක මෙහෙයවන දඹුල්ල අවුරෝරා කණ්ඩායම පත් වී තිබෙනවා.එම කණ්ඩායමට ක්‍රීඩා කරන භානුක රාජපක්ෂ ආසියානු ජයග්‍රහණය දෙවියන් විසින් ලබා දන් එකක් බව කියන්නට යම් ආගමික නිකායකට පාවඩ එලන්නට සමත් වුණා.ආගමික නොවන ක්‍රිකට්මය අදහසකින් භානුක වෙනුවෙන් පෙනි සිටි ලකෂ සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන් බහුතරයක් භානුකගේ ඒ ක්‍රියාව ප්‍රතික්ෂේප කළේ සහ පිළිකුල් සේ හෙළා දැක්කේ ආගමික නොවන භෞතික ක්‍රියාකාරකමක් හැටියට ක්‍රිකට් ගෙන නෙමෙයි.භානුකගේ ආගමික මතට විරුද්ධව යමින්.අතිශයින් සංවේදී සහ තමන්ගේ ආගමේ නොවන එකා සතුරෙක් ලෙස හඳුන්වන්නට සියලු ආගම්වල පූජකයන් අඩු නැතුව පෙනී සිටින ගෝත්රිත සමාජයක් බවට පත් වි තිබෙන ලංකාවේ භානුක සුපර්ශ කළේ මේ රටේ මිනිස්සුන්ගේ අතිශයින් සංවේදි සහ කෝප ගැන්වෙන සුළු ප්‍රදේශයක්.
අද වන විට මෙය එක්තරා ආතාරයක ජන සමාජයේ විකෘතිමය ස්වභාවයක් දක්වා ගෙන එන්නටත් හේතු වි තිබෙනවා.ඒ නිසා දඹුලු අවුරෝරා කණ්ඩායමේ පරාජයන් දෙවියන්ව හෙළා දැක ප්‍රකාශ කරන මට්ටමට ඉහළට එසැවෙමින් තිබෙනවා.ඇන්තිමට විෂයට අදාළ නොවන තැනකට ආලෝකයක් කර ගන්නට ක්‍රිකට් ක්‍රීඩාව භාවිතා කරන්නට යාම දෙවියන්ටවත් වළක්වන්නට බැරි විවේචනාත්මක ප්‍රහාරයක් බවට පත් වෙන්නට පටන් ැගනීම සමාජීය වශයෙන් හොඳ තත්ත්වයක් නෙමෙයි.මොකද සම්පූර්ණයෙන්ම පිරුළ මේ සඳහා අදාළ නොවුණත් කඩුව ගත් වඳුරා ගැන කියා ඇති පිරුළෙන් යමක් උකහා ගැනීම සහ තේරුම් ගැනීම වැදගත් වෙයි.ලංකාවේ හැම ආගමකම ඉන්නේ එවැනි හැසිරිම් සහිත බහුතරයක් යන්න සිහි තබාගැනීමත් වටිනවා.
ඇත්තටම දඹුල්ල හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයට තරග සඳහා එල්පීඑල් තරගාවලිය එන තෙක්ම මේ දක්වා කිසිඳු ජයක් වාර්තා කර නැහැ.ඊට හේතුව දෙවියෙක් හෝ බුදුවරයෙක්ගේ සාර්ථක හෝ අසාරථකභාවය නෙමෙයි.ක්‍රීඩකයින් හැටියට අසාර්ථක වීමයි.විශේෂයෙන්ම දඹුල්ල නායක දසුන් ශානක සිටින්නේත් පහර දීමේදී නිසි කාල කළමණාකරණයකින් පන්දුව පිළිගත හැකි මට්ටමක නෙමෙයි.ඒ නිසා සිදුව වැරදි වලින් ඔහු ඉතා ඉක්මණින් දැවී යන අයුරු දකින්න පුළුවන්.භානුක රාජපක්ෂ ද ඔහුගේ ආගමික මතවාදයට සමීප විචාරකයින් පැමිණ මොහොතේ සිටම ඉහළින් වර්ණනා කළත් තවමත් මේ තරගාවලියේ සාර්ථක පිතිකරුවෙක් කියන්නට අවශ්‍යය සාධක ඉදිරිපත් කර නැහැ.එසේම ලොව සිටින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසා කිසිඳු ඉරියව්වකින් මේ දක්වා සාර්ථක වී නැහැ.දඹුල්ල පරාජය වන්නට හේතුව එයයි.
පරාජයේ සාධක හැටියට ක්‍රීඩාමය වශයෙන් සම්බන්ධිත කරුණු කතා නොකර අහක සිටින දෙවියෙක් ඊට ඈදා ගැනීම සිද්ධවෙන්නේ පරාජයට මෙන්ම ජයග්‍රහණයටත් දෙවියන් අදාළ නොවන බව තේරුම් නොගත් නිසා.ඒ නිසා ජයග්‍රහණයේ දි ඒ කිරුළ ගෙන දෙවියන්ට පළදන්න ගිය ව්‍යාජ දේව භක්තිය දෙවියන් සැබවින්ම ක්‍රියාකාරීනම් මේ මොහොතේ දෙවියන්ගේ අදහසට සහ කළ කිරීමට ලක් විය යුතු වෙනවා.තමන් අදාළ නැති තැනක සිටුවා තබා ප්‍රහාරයට ලක් කිරීම ගැන දෙවියන් සත්‍යයක්නම් දඬුවම් පැමිණිය යුතුතේ ඔහුගේ අනුගාමිකයන්ටමයි.
ඒ නිසා ක්‍රීඩාව මිත්‍යාවෙන් ඈත් කර සිතිය යුතු තැනට දැන්වත් රටේ සියලු අංශ මෙන්ම ක්‍රීඩාවද පැමිණිය යුතුව තිබෙනවා.මිත්‍යාවට පහර දෙන්නේ එවන් මිත්‍යාවකම නියෝජනයක් හැටියටනම් ඉන් වැඩක් නොමැති බව ද දෙවියන්ට එරෙහිවන්නන් ද දැනගත යුතුව තිබෙනවා.එල්පීඑල් මේ වන විට අවසාන කඩ ඉමට ළගා වී සිටිනවා.දියුණු ක්‍රීඩා ප්‍රේක්ෂකයින් මෙන් අප මේ මොහොතේදී තරගාවලියේ ඉදිරි තරගය දෙවිවරු බුදුවරු මවන හාස්කම් ගැන නොසිතා ක්‍රීඩක මානව ජවයට ශක්තියට අරුතක් දිරියක් දෙන තරගාවලියක් වන හැටි ගැන විශ්වාස කරමු.ක්‍රීඩාවට ක්‍රීඩාවමයි.ඊට අදාළ තාක්ෂණය ක්රමෝපායන් සහ කැපවීමෙන් වඩාවාගත් කුසලති පිරි මානවීය ජවයයි හැරෙන්නට වෙනත් සාධක ගෙන සිතන්නට අවශ්‍යය නොවන බව තේරුම් ගනිමු.
දැනට මෙවර එල්පීඑල් තරගාවලියේ ලකුණු සටහන පහතින් දක්වා ඇත.
RM