බොහෝවිට රෝගීන්ට බෙහෙත් තුණ්ඩුව දීලා ෆාමසියෙන් ගන්න කියන්න වෙලා – GMOA

Date:

බොහෝ අවස්ථාවල රෝහල්වලදී රෝගීන්ට බෙහෙත් තුණ්ඩු ලබාදී ඒවා පෞද්ගලික ඖෂධ වෙළඳසැල් වෙතින් මිලදී ගන්නටැයි කීමට වෛද්‍යවරුන්ට සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

“රෝහල්වල මේ වෙනකොට තියෙන සේවකයින්ගේ අඩුපාඩු වගේම වෛද්‍ය උපකරණ සහ ඖෂධවල තියෙන අඩුපාඩුත් අනුව මේ සෞඛ්‍ය සේවාව ඉදිරියට පවත්වාගෙන යාමට දැඩි අපහසුතාවක් තියෙනවා. රෝහල්වල බොහෝවෙලාවට දෙන බෙහෙත් තුණ්ඩු, අපට සිද්ධවෙලා තියෙනවා ෆාමසිවලට නිකුත් කිරීමට. සමහර අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල හිඟයක් පවතින බවක් අපට පෙනෙන්නට තියෙනවා. ඒ වගේම විකිරණවේදය සම්බන්ධ වෛද්‍යවරුන් සහ නිලධාරීන්ගේ අඩුව හින්දා අපට ඒ සම්බන්ධයෙන් බරපතළ ගැටලුකාරී තත්වයක් උදාවෙලා තියෙනවා”

වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටැන්සානියාවේ  Natron  විලේ ඇති අත්භූත රහස්….

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටැන්සානියාවේ පිහිටි...

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...