නිහාල්ගේ දේහය ලුනාවෙන් සොයිසාපුරට පන්නයි.

ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මොරටුව සංඛේතාත්මක කරන ගෞරවණීය කලාකරුවෙක් මෙන්ම ගෞරවණීය පුරවැසියෙකි.රටේම ආදරය දිනාගත් මේ අද්විතීය කලාකරුවා ජීවිතෙන් නික්ම යාමෙන් පසු ඔහුගේ අවසාන කටයුතු සඳහා ලුනාව කළපු ක්‍රීඩාංගණය සූදානම් කිරීමට කටයුතු කළ ද,මොරටුවේ පළමු පුරවැසියා ඊට හරස් වී තිබෙන බව LNW වෙත වාර්තා වේ.

යම් විවෘත කිරීමේ උත්සවයකට එම ස්ථානය යොදා ගැනීමට තීරණය කර තිබෙන බැවින් ලුනාව කළපුව ක්‍රීඩාංගණය ලබා නොදීමට ඔහු මැදිහත්ව ඇත.රටේ සංගීත කේෂ්ත්‍රයේ එක්තරා කල්ට් එකක සංඛේතයක් වන නිහාල් නෙල්සන් මොරටු වැසියෙක් ලෙස අත් කර දුන් කීර්තියට ප්‍රදේශය පුරා සියලු උත්සව නවත්වා, ශෝක දිනයක් පැවත්වීමට මැදිහත් විය යුතු පුද්ගලයා අවමංගල උත්සවයටත් හරස් වීම කෙරෙහි ප්‍රදේශවාසීහු සිය කණස්සල්ල ප්‍රකාශ කරති.

කෙසේ හෝ මේ තත්ත්වය නිසා ලුනාව කළපු ක්‍රීඩාංගණයෙන් නිහාල් නෙල්සන්ගේ දේහයේ අවසාන කටයුතු සොයිසාපුර ක්‍රීඩාංගණයට ගෙන,එහි පැවත්වීමට කටයුතු යොදා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලලිත්-කුගන් නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය අධිකරණය හමුවේ පෙනී සිටියි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW: 2011 වසරේදී යාපනයේදී දේශපාලන...

කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් සොයමින් නව මෙට්‍රෝ බස් 112ක් ධාවනයට එක්වෙයි!

කොළඹ LNW:කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත්...

ඥානසාර හිමිගේ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිගෙන් මෝසමක්!

කොළඹ LNW:ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ...

නඩු දෙකටම නාමල් යළි රිමාන්ඩ්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින්...