අලුත් වැඩක්

Date:

දෙස් විදෙස් සංචාරකයන් සඳහා විනෝදාත්මක සේවා සපයනු ලබන නව “දියත්මා”ලෙෂර් බෝට්ටු සේවයක් බත්තරමුල්ල, දියවන්නා ඔය කේන්ද්‍ර කරගමින් ඊයේ (15) ආරම්භ කරනු ලැබිණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව විසින් මෙම විනෝදාත්මක බෝට්ටු සේවාව ආරම්භ කර ඇත.

එහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි අභ්‍යන්තර ජල මාර්ගවල මෙවැනි විනෝදාත්මක සේවා සපයනු ලබන බෝට්ටු සේවාවන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

රට ආර්ථික අර්බුදයකට මුහුණදී තිබෙන මොහොතක විදේශ සංචිත වැඩිකර ගැනීමටනම් මෙරටට පැමිණෙන සංචාරකයන් රටතුළ වැඩිකාලයක් රැඳි සිටින වැඩ පිළිවෙලක් සැකසිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව සංචාරකයන්ට විනෝදාස්වාදය සැපයීමට මෙවැනි මගී බෝට්ටු සේවා ඉතා වැදගත් බවද හෙතෙම වැඩිදුරටත් කීය.

දිගින් මීටර 13ක් සහ පළලින් මීටර 4ක් වන මෙම බෝට්ටුව දියත්මා යනුවෙන් නම්කර තිබේ. මෙහි 30ට ආසන්න පිරිසකට පහසුකම් සපයා ඇති අතර සාකච්ඡා,සම්මන්ත්‍රණ, සුහද හමු ආදිය පැවත්වීමට හැකියාව ඇත. සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කර ඇති මෙම බෝට්ටුවේ සේවය ලබාගැනීම වෙනුවෙන් පැයකට අයකෙරෙන මුදල රුපියල් 20,000කි.

මෙම ලෙෂර් බෝට්ටු සේවාව ආරම්භ කර පැය කිහිපයක් ඉක්ම යන්නටත් මත්තෙන් 9 දෙනෙකු මෙම බෝට්ටුව වෙන්කරවා ගෙන ඇතැයි ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ මධුර විතානගේ, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...