එදා වේල පිරිමසා ගැනීමෙන් එහාට යමක් කරන්නට මේ රජයට හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැත – චරිත හේරත්

Date:

“ආර්ථිකමය වශයෙන් රට වැටී ඇති අගාධය තෙරක් නොපෙනෙන තරම්ය. එය ගොඩ ගැනීමේ කෙටිකාලීන වැඩසටහන් යොදමින් ‘‘එදා වේල පිරිමසා ගැනීමෙන්’’ එහාට යමක් කරන්නට මේ රජයට හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැත.

රටට නව බලාපොරොත්තුවක් සහිතව ජනවරමකින් පත්වන පාලනයක් නොමැතිව ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදු කළ නොහැකිය. ඒ නිඅසා වත්මන් රජයට කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් හුදු යෝජනා කිරීමෙන් එහාට ගෙන යාමේ හැකියාව ඉතාමත් අල්පය.

අනෙක් අතට පොහොට්ටුවේ ප්‍රධානීන් සිටින්නේ මේ ආර්ථික අර්බුදය ගැන හරි හමන් තේරුම් ගැනීමකින් නොවන බව මගේ අදහසය. පරණ හණ මිටි අදහස් සහ මුග්ධභාවයේ ප්‍රකාශනවලින් එහාට ගිය නව දැක්මක් ආණ්ඩුවේ බොහෝ අයගේ ප්‍රකාශ තුළින් ඉදිරිපත් වන්නේ නැත.

ඒ නිසාම ආර්ථික අර්බුදය ජයගත හැක්කේ නව දැක්මක් හා නව ජනවරමක් හරහාය. එතෙක් සිදුකරන තාවකාලික, සිල්ලර විසඳුම් පිළිබඳව වැඩි යමක් මේ සටහන තුළ සාකච්ඡා කිරීමේ ඉඩක් නැත.

රට හමුවේ ඇති අභියෝග 03ක් ලෙසින් පළාත් පාලන මැතිවරණය, උතුරේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සහ ආර්ථික අර්බුදය යන කාරණා හමුවේ ආණ්ඩුවේ උපාය මාර්ග දෙස සමාජය විමර්ශනශීලීව බැලිය යුතු බව මගේ මගේ අදහසයි “

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...