එදා වේල පිරිමසා ගැනීමෙන් එහාට යමක් කරන්නට මේ රජයට හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැත – චරිත හේරත්

“ආර්ථිකමය වශයෙන් රට වැටී ඇති අගාධය තෙරක් නොපෙනෙන තරම්ය. එය ගොඩ ගැනීමේ කෙටිකාලීන වැඩසටහන් යොදමින් ‘‘එදා වේල පිරිමසා ගැනීමෙන්’’ එහාට යමක් කරන්නට මේ රජයට හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැත.

රටට නව බලාපොරොත්තුවක් සහිතව ජනවරමකින් පත්වන පාලනයක් නොමැතිව ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදු කළ නොහැකිය. ඒ නිඅසා වත්මන් රජයට කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් හුදු යෝජනා කිරීමෙන් එහාට ගෙන යාමේ හැකියාව ඉතාමත් අල්පය.

අනෙක් අතට පොහොට්ටුවේ ප්‍රධානීන් සිටින්නේ මේ ආර්ථික අර්බුදය ගැන හරි හමන් තේරුම් ගැනීමකින් නොවන බව මගේ අදහසය. පරණ හණ මිටි අදහස් සහ මුග්ධභාවයේ ප්‍රකාශනවලින් එහාට ගිය නව දැක්මක් ආණ්ඩුවේ බොහෝ අයගේ ප්‍රකාශ තුළින් ඉදිරිපත් වන්නේ නැත.

ඒ නිසාම ආර්ථික අර්බුදය ජයගත හැක්කේ නව දැක්මක් හා නව ජනවරමක් හරහාය. එතෙක් සිදුකරන තාවකාලික, සිල්ලර විසඳුම් පිළිබඳව වැඩි යමක් මේ සටහන තුළ සාකච්ඡා කිරීමේ ඉඩක් නැත.

රට හමුවේ ඇති අභියෝග 03ක් ලෙසින් පළාත් පාලන මැතිවරණය, උතුරේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සහ ආර්ථික අර්බුදය යන කාරණා හමුවේ ආණ්ඩුවේ උපාය මාර්ග දෙස සමාජය විමර්ශනශීලීව බැලිය යුතු බව මගේ මගේ අදහසයි “

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...