බෞද්ධකම නැතිකර ඒ වෙනුවට වෛරය ආදේශ කර දේශපාලන බලය අතට ගන්න පුළුවන් කියා කවුරුන් හෝ සිතනවා නම් එය සිහිනයක් පමණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී (2022.12.16) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා,
“සමගි ජනබලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් විවිධ ස්ථානවල කතා කරනවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස මීට මාසයකට පෙර අපේ පක්ෂයේ මහා ලේකම්වරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කලා ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සුදානම් බව. ඒ අනුව අපි ප්‍රාදේශීය, පළාත් හා ජාතික මට්ටමෙන් ඒ කටයුතු ක්‍රියාවට නංවා තිබෙනවා. සිය ගණන් පිරිස් පක්ෂ කාර්යාලයට පැමිණෙනවා.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන්.අපි රජයක් ලෙස මැතිවරණ කල්දැමීමට හෝ මැතිවරණකට මුහුණදීමට බියෙන් කටයුතු කරන පක්ෂයක් නොවේ. පක්ෂයක් ලෙස ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම්. සමගි ජනබලවේගයේ , ජ.වි.පෙ. ඇතුළු ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශ කර නව ජනවරමකට යායුතුයි කියලා. අවාසනාවකට මේ අය වක්‍රාකාරයෙන් කියන්නේ පළාත් පාලන මැතිවරණයකට මුහුණදීමට සූදානමක් නැති බවයි. ඒ නිසා නොලැබෙන දෙයක් පිළිබඳව කතිකාවක් ආරම්භකර තිබෙනවා.
මෙතනින් එහාට ගොස් කියනවා සුව පහසු බලහුවමාරුවකට රජයට සූදානම් වෙන්න කියලා. මේවා ජාතික විහිලු විදිහට අපි දකින්නේ.පසුගිය වසර 30 – 40 ක කාල වකවානුව තුළ සිදුවුණා මොළ හෝදන ව්‍යාපෘතියක්. දැන් මෙය වේගයෙන් ක්‍රියාත්මක වන බව දකින්න තිබෙනවා. තමන්ගේ දේශපාලන මතයට ජනතාව ගොනු කරන්න බොහෝ පිරිසක් වෙහෙසනවා. අපේ පක්ෂයෙන් කඩාගෙන ගිය පිරිසකුත් මේ සඳහා වෙහෙසක් දරා දැන් හතිවැටිලා පැත්තකටවෙලා සිටිනවා.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජනබලවේගය ඇතුළු විවිධ කණ්ඩායම් ජනතාවගේ මොළය සේදීමට විවිධාකාරයේ මත ඉදිරිපත් කරනවා. මේ සියල්ල හරහා මේ අය උත්සහ කරන්නේ තමන්ගේ මතයට ජනතාව රැස්කර ගැනීමටයි. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මොළභෙදීමක් කරන්නේ නෑ. ඒ වෙනුවට ජනතාව අතරට ගොස් අපේ ප්‍රතිපත්තිවලට ඡන්දය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.අප රටේ ශිෂ්‍ය දේශපාලනය කොයිබටද යන්නේ. වසර 28 ක පමණ කාලයක් විශ්වවිද්‍යාලය තුළ ආචාර්ය, මාහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරපු කෙනෙක් හැටියට විශ්වවිද්‍යාල පරිපාලනය, ශිෂ්‍ය ක්‍රියාකාරකම් යනාදිය පිළිබඳව ලොකු අවබෝධයක්, අත්දැකීමක් මට තිබෙනවා.
අපේ රටේ ශිෂ්‍ය දේශපාලනය ගමන් කරමින් තිබෙන දිශාව බැලුවාම 1980 ගණන්වලටත් වඩා භයානක ප්රජාතන්ත්ර විරෝධි මාවතකට ප්රවිශ්ඨ වී තිබෙනවා. අපි විශ්වවිද්‍යාල සිටි කාලයෙත් ශිෂ්‍ය නායකයෝ සිටියා. ඔවුන් ගෞරාන්විත පුරවැසියන් පාසල් මට්ටමින් ගොඩනගාගත් නායකත්ව කුසලතා තවදුරටත් පුළුල් කරගත් පිරිසක් ඒ අය. ඒ බොහෝ ශිෂ්‍ය නායකයෝ අද සමහර විශ්වවිද්‍යාවල මාහාචාර්යවරු, උපකුලපතිවරු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවල සභාපතිවරු ආදි වශයෙන් විවිධ ක්ෂේත්රයන්හි ඉහළ නිලතර දරමින් සිටිනවා. එදා ශිෂ්‍ය නායකයින් ලෙස කටයතු කර ඇතමුන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල ආචාර්යවරු ලෙස කටයුතු කරනවා.
මෙය අතිත ශිෂ්‍ය නායකයින්ගේ තත්වය. නමුත් මේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ සමාජ වෛරයකින් පෙලෙන කොටසක් මත බල ගොනුවී තිබෙනවා. ඒ නිසා ප්රචණ්ඩත්වය මුදා හැරීමට සුදානම්ව සිටින්නේ. ඔවුන් රටේ මිනිසුන්ගේ ගැටලු සාකච්ඡා කරනවා වෙනුවට තමන්ව පෝෂණය කරන දේශපාලන කණ්ඩායම්, පක්ෂ කල්ලිවල මතය මහ පාරට ගෙනවිත් තිබෙනවා. විශ්වවිද්‍යාල පද්ධතිය එක් ලක්ෂ පනස්දහක සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබනවා. මේ පිරිසෙන් 2% ක් 3% ක් වැනි ඉතාම සුළු පිරිසක් මේ ප්‍රචණ්ඩත්වයට යොමුවී තිබෙනවා.
ඒ නිසා විශ්වවිද්‍යාල තුළ ඉගෙනුම් ලබන ආදරණිය දුවාදරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අශිෂ්ට දේශපාලන ව්‍යාපාරවල කටයුතු ප්‍රතික්ෂේප කරන ලෙසයි. පාරේ සටන් කළා කියලා කවුරුත් රැකියා දෙන්නේ නෑ. ප්රචණ්ඩත්වය සහිත උපාධිදාරීන් බඳවා ගැනීමට තිබෙන අකමැත්ත නිසා ඇතැම් විශ්වවිද්‍යාල සිසුන්ට පුද්ගලික ආයතනවල රැකියා දීම පවා ප්‍රතික්ෂේප කරනවා. එම නිසා මේවාට සම්බන්ධ නොවි අධ්‍යාපන කටයුතු ඉක්මණින් හමාර කරගන්න කියා මා ඉල්ලා සිටිනවා.මේ ශිෂ්‍ය දේශපාලනය ගමන් කරන දිශාව නිවැරදි කිරිමේ වගකීම මේ රටේ ප්රජාතන්ත්රවාදය, බහු පක්ෂ ක්‍රමය ගරු කරනවා සෑම දේශපාලන පක්ෂයකටම තිබෙනවා. කවුරුන් හෝ හිතනවා නම් මේ අවස්ථාවේ ආණ්ඩුව පෙරලීමට තිබෙන ලේසි ක්‍රමය ශිෂ්‍ය ව්‍යාපාරය අතට ගැනීමයි කියලා, එය වැරදි. ප්රජාතන්ත්රවාදය, බහු පක්ෂ ක්‍රමය අගයන අපි එවැනි සැහැසි ක්‍රියාවන්ට විරුද්ධයි.
බෞද්ධ හා පාලි විශ්විවද්‍යාලය තුළ ඇති තිබෙන තත්වය. අවාසනාවකට අපේ තරුණ භික්ෂූන් වහන්සේලා බෞද්ධ ධර්මය පිළිබඳව සමාජය ගෞරව කරන, වන්දනා කරන ඉහළින් සළකන සංස්කෘතික පදනම විනාශ කිරීමට ගන්නා උත්සහය පිළිබඳව අපේ කනස්සල්ල ප්‍රකාශ කරනවා. පවතින මේ තත්වය අපි නිරවුල් කරගත යුතුයි. අපේ රටේ රාජ්‍ය, පෞද්ගලික හා අනුබද්ධ විශ්වවිද්‍යාල ගණනාවක් තිබෙනවා. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල චින්තන වශයෙන් නිකමුන් හදන පද්ධතියක් බවට පත්වෙමින් තිබෙනවා. මෙය ඉතාම ඛේදනීය තත්වයක්. මේ තත්වය අප රටේ දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික පරිහානියේ කැඩපතක් බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසයි පේරාදෙණිය විශිවවිද්යලායේ හිටපු උපකුලපතිවරයාට නිවසටම ගොස් පහර දෙන්න තරම් ආවේග සහිත තත්ත්වයක් උදාවී තිබෙන්නේ. චින්තන වශයෙන් හිස් පිරිසක් විශ්වවිද්‍යාල තුළින් ගොඩනැගෙන්නේ.කවුරු හෝ කෙනෙක් හිතනවානම් බෞද්ධකම ගලවා ඒ වෙනුවට වෛරය ආදේශ කර දේශපාලන බලය අතට ගන්න පුළුවන් කියා එය හීනයක් පමණයි.
ඒ නිසයි අවුරුදු 50 ක් දේශපාලනය කරලත් ජනතා විමුක්ති පෙරමුණට 3% ට වඩා ඡන්ද ලබාගන්න බැරි වුණේ. සමහර දේශපාලන පක්ෂ බෝඩ් ලෑල්ලකට පවා සීමා වෙලා තිබෙන්නේ මේ නිසයි. මත්ද්‍රව්‍ය වැළැක්වීමට රජයන් විවිධ පියවර ගෙන තිබෙනවා. අවාසනාවකට අපිට තවම පුළුවන්කමක් ලැබි නෑ මේ ජාලය විනාශ කිරීමට. දියුණු තාක්ෂණයක් තිබෙන ඇමරිකාවටත් මේවා පාලනය කිරිම අසිරුවෙලා. සරසවි සිසුන් කෙතරම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා ද කියා මා දන්නේ නෑ. එසේ ඇබ්බැහි වී තිබේ නම් රට වසා හෝ මේ උවදුරින් රටේ තරුණ පිරිස් මුදා ගැනීමට කටයුතු කළයුතුයි කියා මා සිතනවා. ඉතා සංවිධානාත්මකව රට අස්ථාවර කර රටේ බලය ලබා ගන්න පුළුවන් කියා පිරිසක් හිතනවා. ඒක තමයි දැන් මේ කරන්නේ.”
යනුවෙන් මෙහිදි සඳහන් කළේය.
රෂිකා හෙන්නායක