ක්‍රිකට් නිලවරණය පැවත්වීමට ත්‍රී පුද්ගල කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවතින ක්‍රීඩා නීති රෙගුලාසි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ත්‍රී පුද්ගල කමිටුවක් පත් කරන්නට තීරණය කර ඇත.විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරියක්,විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරියක් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් එම කමිටුව නියෝජනය කරයි.
විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න,විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා සහ මීට පෙර ද ක්‍රිකට් නිලවරණ කමිටුව නියෝජනය කර ඇති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරි සුනිල් සිරිසේන එම කමිටුවට පත් කළ තිදෙනාය.
2022 දෙසැම්බර් 15 පැවති අති විශේෂ මහා සභා රැස්වීමේ දී ඒකමතිකව මෙම නිලවරණ කමිටුව අනුමත කෙරුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටින අතර එළැඹෙන වසරේ මැයි 23 වන දා පැවත්වෙන නිලවරණය සම්බන්ධයෙන් අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනිම එම විශේෂ කමිටුව විසින් ඉටු කිරීමට නියමිතය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 01) දිනයේ සිට දිවයිනේ...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...