පීඩන අවපාතය අඩුපීඩන කලාපයක් වෙයි – අද කාලගුණ නිවේදනය

Date:

පවතින අයහපත් කාලගුණ තත්වයට හේතුවූ පීඩන අවපාතය අඩුපීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර එය අද (26) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමග අද සවස් කාලයේ සිට දිවයිනේ කාලගුණයට එමගිනු සිදුවුණු බලපෑම අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

එසේම දිවයින හරහා විටින්විට හමන පැයට කිලෝමීටර් 40 – 50 පමණ තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොඳ වෙලාවට අපේ කාදිනල්තුමා පාප් වුණේ නෑ. නැත්නම් මේකත් වතිකානුවක් වෙනවා – චාමර සම්පත්

හිටපු පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්ට, පූජිත් ජයසුන්දරට මෙන්න ජ්‍යේෂ්ඨ...

මහරගම, නාවින්නේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහරගම, නාවින්න බස් නැවතුම්පොල ඉදිරිපිටදී ඊයේ...

Wanderlust Wednesday: මහනුවර ප්‍රෞඩත්වය! (Kandy, Sri Lanka)

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): නෝර්වේ හි නාගරික...