සුනාමියට වසර 18 යි. විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් !

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත ජීවිත හා දේපළ හානියක් සිදුකළ 2004 සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 18ක් සපිරේ.

එම ව්‍යසනයෙන් මියගිය අය සිහිකිරීම උදෙසා අද පෙරවරු 09.25 සිට 09.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දී තිබේ.

2004 දෙසැම්බර් 26 වනදා ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදේ ඇතිවූ භූකම්පනයක් හේතුවෙන් හටගත් සුනාමි ව්‍යසයෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14කට බලපෑම් එල්ල වූ අතර මුහුද ගොඩගැලීම නිසා මියගිය ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 50,000ක් පමණ වෙතැයි සැලකේ.

තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වූ අතර නිවාස හා දේපළ අලාභ හානි ඇතුළුව පුද්ගලයින් 502,456 දෙනෙකු මෙයින් බලපෑමට ලක්වූ බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...