මිලානෝ හි කොන්සල් ජනරාල් නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය පිළිබඳ විදේශ අමාත්‍යාංශ ශෝකය පළකරයි

Date:

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි සඳුදා දින ඉතාලියේ මිලානෝහි දී අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද ඩී. ඩී. නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සිය බලවත් ශෝකය පළ කර සිටියි.  

අභාවප්‍රාප්ත කොන්සල් ජනරාල් වික්‍රමසිංහ මහත්මියගේ දේහය මේ වන විට මිලානෝ නුවර පිහිටි සැන් රෆායෙලේ රෝහලේ තැන්පත් කර ඇති අතර අදාළ විධිවිධාන අවසන් වූ පසුව, ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දේහය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත ය.

අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය විසින් 2021 දෙසැම්බර් 29 වැනි දින ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස වැඩ භාර ගන්නා ලදි.

මෙම මොහොතේ දී අභාවප්‍රාප්ත කොන්සල් ජනරාල් වික්‍රමසිංහ මහත්මියගේ වියෝව හේතුවෙන් ශෝකයට පත්ව සිටින පවුලේ සාමාජිකයන් සහ අනෙකුත් අයටද විදේශ අමාත්‍යාංශය සිය සාතිශය සංවේගය පළ කර සිටියි.

විදේශ අමාත්‍යාංශය
කොළඹ
2022 ජනවාරි 18 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...