විදුලිබල මණ්ඩලයට හෝ කැබිනට් මණ්ඩලයට විදුලි බිල් වැඩිකරන්න බෑ – PUCSL සභාපති

0
332

අමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවකට හෝ විදුලිබල මණ්ඩලයට හෝ වුවමනා පරිදි විදුලි බිල් වැඩිකිරීමක් සිදු කිරීමට නොහැකි යැයි තමන් ස්ථිරවම ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

“ඒ යෝජනාව අද දක්වා අපට ලැබිලා නැහැ. මහජනතාවට අපි කියන්න කැමතියි, අනියත බියක් ඇති කරගන්න ඕනෙ නෑ. අපි මහජනතාව සමග සාකච්ඡාවක නිරත වෙනවා විදුලි බිල වැඩි විය යුත්තේ කොහොමද කියන එක ගැන. මම හිතන්නෙ ඇමතිවරයාට වැරදි දත්ත ලබාදීලා තියෙනවා එක එක පාර්ශ්වයන් විසින්. විදුලි බිල වැඩිකිරීම පිළිබඳ තීරණය ගත යුත්තේ මහජන උපයෝගීතා කොමිසම මාර්ගයෙන්. නීති ප්‍රකාරව විදුලිබල මණ්ඩලයට හෝ කැබිනට් මණ්ඩලයට විදුලි බිල වැඩිකිරීමේ හැකියාවක් නෑ. කවුරුහරි කියනවා නම් මේ 30, 60, 90, 180 එකම තලයකට ගේන්න ඕනෙ කියලා, ඒක නෙවෙයි ලෝකයේ පිළිගත් ක්‍රියා පටිපාටිය. සාමාන්‍යයෙන් කෙනෙක් අඩුවෙන් විදුලිය පාවිච්චි කරනවා නම් ඒකට අවශ්‍ය සහනාධාරය ලබාදීම තමයි සාමාන්‍ය පටිපාටිය. එක එක්කෙනාට ඕනෙ විදියට මේක 58යි, මේක 45යි, මේක 42යි කියලා කියන්න බෑ. එක එක්කෙනාට ඕනෙ විදියට කැබිනට් පත්‍රිකා දාන විදියට හෝ විදුලිබල මණ්ඩලයට ඕනෙ විදියට මේක කෙරෙන්නෙ නෑ කියන එක මට ස්ථිරවම කියන්න පුළුවන්”

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN