බුද්ධියෙන් අපි පෙරමුණේ

Date:

ගෝලීය දැනුම් දර්ශකයේ (ග්ලෝබල් නොලේජ් ඉන්ඩෙක්ස්) 2022 වසරේ ශ්‍රී ලංකාව රටවල් 132 ක් අතරින් 79 වැනි ස්ථානය ලබාගෙන ඇත.

මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් දැනුම පදනම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව අධ්‍යාපනය, නවෝත්පාදන, දැනුම, ආර්ථිකය, තාක්‍ෂණය සහ පර්යේෂණ, සංවර්ධනය වැනි ක්ෂේත්‍ර පදනම් කරගනිමින් රටවල් පිළිබඳ සිදුකරනු ලබන තක්සේරුව ගෝලීය දැනුම් දර්ශකය වේ.

මෙම දර්ශකයේ 79 වැනි ස්ථානය ලබා ගෙන ඇති ශ්‍රී ලංකාවට ලකුණු 43.4 ක් ලබා දී ඇත.

මෙම දර්ශකයේ පළමු ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදය ලකුණු 68.37 ලබා ගනිමින් හිමිකර ගෙන ඇත. දෙවන ස්ථානය ලකුණු 68.28 ක් ලබා ගනිමින් ස්විට්සර්ලන්තයත් ලකුණු 66.96 ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානය ස්වීඩනයත් ලබා ගෙන තිබේ.

මෙම දර්ශකයේ ඉන්දියාවට 91 වැනි ස්ථානය හිමිව ඇති අතර ඉන්දියාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 41.52 කි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...