මෝදිගේ මෑණියන් හීරාබෙන් මියයයි

Date:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් වන හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ඇය මියගොස් ඇත්තේ අහ්මදබාද් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විටය.

99 හැවිරිදි හීරාබෙන්, පසුගිය දා රෝහල්ගත කෙරුණේ වයසත් සමඟ ඇතිවුණු රෝගාබාධ හේතුවෙනි.

නවදිල්ලියේ රාජකාරිවල නියැලෙමින් සිටි, අග්‍රාමාත්‍ය මෝදි කඩිනමින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහ්මදාබාද් බලා පිටත්ව ගිය බවත් රාජකාරි කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කරන බවත් පවසා ඇත.

මෑණියන්ගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය ටිව්ටර් ගිණුම හරහා සොව පළ කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...

බූමරංග කුලරත්න ….

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ට තියෙන චෝදනා දැක්කම හිනා යනවා. පත්වීම ගන්න...