“මස්ක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පිළිකාවක්.” ඒලෝන් මස්ක් TWITTER ට කරමින් ඉන්න දේ.. [ආචාර්ය සංජන හත්තොටුව]

Date:

“ට්විටර් එක සමාජ මාධ්‍ය වේදිකාවක් හැටියට බලපෑමක් කරා, ඇමරිකාවෙත්, එංගලන්තයේත්, ඉංදියාවේත්, පිලිපීනයේත්, නවසීලන්තයේත්, ඔස්ට්‍රේලියාවේත් සහ ලංකාවේත්. ඒක හිංදා තමයි අපි කියන්නේ ට්විටර් එක වැදගත් කියලා. විශේෂයෙන් ලංකාවේ 2018 ‘දින 52’ ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන්, 2010න් පස්සේ මැතිවරණ හා සම්බන්ධයෙන් සහ මේ අවුරුද්දේ අප්‍රේල් මුළ ආරම්භ කරපු ‘අරගලය’ හා සම්බන්ධයෙන් වැනි සංධිස්ථානවලදී අති විශාල සේවාවක්, බලපෑමක්, කථිකා රාශියක්, ගොනු කරපු එක් සංධිස්ථානයක්, වේදිකාවක් සහ ඉදිරිපත් කිරීමක් මෙන්ම විශේෂයෙන් ඉතිහාසයට විවිධ පැතිකඩවල් එක් කළ සමාජ මාධ්‍ය වේදිකාවක් බවට ට්විටර් පත් වෙලා තිබුණා.” යැයි ආචාර්ය සංජන හත්තොටුව ‘විකල්ප’ වෙබ් අඩවිය සමග පැවත් වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී පවසා සිටියේය.

ආචාර්ය සංජන මේ බව පවසා සිටියේ, මේ වන විට අන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටින ඒලෝන් මස්ක් විසින් TWITTER සමාගම මිළදී ගැනීමෙන් පසු ලෝකයේ ඇති වී ඇති ගැඹුරු සංවාදයන් සහ එම සංවාදයන් කුමන මානයක් ගන්නේ දැයි ‘විකල්ප’ වෙබ් අඩවිය විසින් විමසන ලද අවස්ථාවේදීය.

“එවගේම අනිකුත් සමාජ මාධ්‍ය වේදිකාවල පරීශීලකයන්ට වඩා අඩු සංඛ්‍යාවක් ට්විටර් එකේ හිටියත්, බලපෑමක් කීරිමට ඇති හැකියාව ට්විටර් එකට තිබුණා.”

ඔහු වැඩි දුරටත් පවසයි.

“නමුත් මස්ක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පිළිකාවක්. එය සෘජුවම කිව යුතුයි. දැන් මේ මාස කිහිපය තුළ, ඒක ලෝකයේත් පිළිගත් අදහසක් බවට පත් වෙලා තියනවා. දැන් මස්ක් ට්විටර් එකට කරමින් ඉන්න දේ අපි දන්නවා. අද මේ ඉන්ටර්විව් එක රෙකෝඩ් කරන වෙලාවේ ටිව්ටර් එකට ඩෙස්ක්ටොප් එකෙන් ලොග් වෙන්න බැහැ. ලොග් වෙන්න බැරි හේතුව මස්ක්.(MUSK)

දැන් තියන උදාහරණත්, දත්තත් දෙකම බැලුවොත්, මස්ක් ගේ ට්විටර් එක, අයිතිවාසිකම් පැත්තෙන්, ප්‍රජාතන්ත්‍රවාදයට දායක වෙන වේදිකාවක් වෙයි කියලා අපිට අල්ප මාත්‍රයක විශ්වාසයක් නෑ, ….එවගේම යුද අපරාධ, සුලුතර ජනයාගේ අයිතිවාසිකම්, විශේෂයෙන් LGBTIQ ප්‍රජාව ගැන, ලංකාවේ නම් දෙමළ සහ මුස්ලිම් මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන වගේ ඉතාමත් සංකීර්ණ, අත්‍යවශ්‍ය කථිකාවක් ට්විටර් හා සිදුකරන්න නොහැකි වෙයි කියලා අද තහවරු වෙමින් යනවා.” ආචාර්ය සංජන පෙන්වා දෙයි.

විකල්ප

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...