ජ්‍යෙෂ්ඨ පුරවැසි ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස්!

Date:

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දට යටත් නොකර සිටීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ මේ රඳවා ගැනීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසු මේ තීරණය ගෙන තිබෙන බවයි.

බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි වන්නේ නම් බදු සීමාවට යටත් වන බව පෙන්වාදෙන ඒ මහතා රඳවා ගැනීමේ බදු සියයට 5 අනුපාතයත් සමඟ රුපියල් ලක්ෂයට වඩා අඩු මාසික පොලී ආදායමක් ලැබෙන පුද්ගලයන්ට ආදායම් රඳවා ගැනීමක් සිදු වීමෙන් ඔවුන්ට සිදුවන අපහසුතා පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙන බවද කියා සිටියි.

ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන සහනයක් ලෙස මාසික බැංකු පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්දක් තබා නොගැනීමට තීරණය කළ බවද ඇමැතිවරයා සඳහන් කරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...