*
Friday, September 20, 2024
spot_img

Latest Posts

රුසියානු-යුක්‍රේන යුද බිමට සටන් විරාමයක් …

යුක්‍රේනයේ ඉදිරි ආරක්ෂක වළලු වෙත පැය 36ක සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස රුසියානු ජනාධිපතිවරයා එරට ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබේ.

මෙරට වේලාවෙන් අද පස්වරු 2.30 සිට අදාළ සටන් විරාමය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වෙයි.

ඕතඩොක්ස් නත්තල් දිනය හෙටට යෙදී තිබීම හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයාගෙන් එරට පල්ලිය සිදුකළ ඉල්ලීමකට අනුව මෙම නියමය ප්‍රකාශයට පත්කර තිබේ.

එහෙත් යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවේ සටන් විරාමය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වෙයි.

යුක්‍රේන හමුදා එල්ල කරන ප්‍රහාර නවතා දැමීමටත් ඉදිරි ආරක්ෂක වළලු වෙත හමුදාව සහ අවි ගෙන ඒමට කාලය ලබාගැනීමටත් රුසියාව මෙම තීරණය ගෙන ඇති බවට යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan