වසර අවසානයේ විදේශ සංචිත තත්ත්වය

Date:

දෙසැම්බර් මාසය තුළ නිල සංචිත ඩොලර් මිලියන 90කින් පමණ ඉහළ ගොස් ඇති අතර මේ සමඟ වසර අවසාන වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,896ක් ලෙස සටහන් වෙනවා. කෙසේ වුවත්, මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය මීට වඩා ගොඩක් වැඩි නිසා තවමත් රටේ විදේශ අංශය තිබෙන්නේ නහයෙන් උඩට වතුරේ ගිලී සිටින සීමාවකයි. ඉහත සංචිත ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 1,400ක් පමණම චීනයෙන් ලබාගත් ස්වොප් පහසුකමයි.

චීන ස්වොප් පහසුකමද ඇතුළත්ව පෙර වසර අවසන් වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,138ක් වුවත්, අප්‍රේල් අවසානය වන විට මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 1,812 දක්වා පහත වැටුණා. ඔක්තෝබර් මාසය වෙද්දී මෙම අගය තව දුරටත් පහත වැටී ඩොලර් මිලියන 1,704 ලෙස සටහන් වුනා. ඉන් පසුව, වසරේ අවසන් දෙමස තුළ ඩොලර් මිලියන 192කින් සංචිත ඉහළ ගොස් තිබෙනවා.

මුළු වසරම සැලකූ විට, නිල සංචිත වලින් ඩොලර් මිලියන 1,242ක් අඩු වී තිබෙන අතර මෙම අඩුවීම මුළුමනින්ම වාගේ සිදු වී තිබෙන්නේ වසරේ මුල් මාස තුන ඇතුළතයි. වත්මන් මහ බැංකු අධිපතිවරයා වැඩ භාර ගැනීමෙන් පසුව මාසිකව සංචිත ප්‍රමාණයේ සාපේක්ෂව සුළු විචලනයන් සිදුව ඇතත් ලොකු වෙනස් වීමක් සිදු වී නැහැ. එයින් අදහස් වන්නේ රටට පැමිණි හා රටෙන් එළියට ගිය විදේශ විණිමය ප්‍රමාණ ආසන්න වශයෙන් තුලනය වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොලැබුණද මේ තත්ත්වය මෙලෙස පවත්වා ගැනීමට බැරිකමක් නැහැ. එහෙත්, ඒ සඳහා ආනයන සීමා කිරීමට සිදුවන අතර ආනයන සීමා කිරීමේ අහිතකර ප්‍රතිඵලයක් ලෙස මුලින් ආර්ථිකය සංකෝචනය වීම සහ යම් ප්‍රමාණයකින් සංකෝචනය වීමෙන් පසුව වර්ධනය ඇණ හිටීම මෙහි ඇති හානියයි. සංචාරක කර්මාන්තය නැවත වර්ධනය වීමෙන් මේ තත්ත්වයෙහි යම් යහපත් වෙනසක් සිදු විය හැකියි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...