තෝප්ගේ සුරුට්ටුවෙන් පුහුණුකරු තනතුර දැවී යයි?

Date:

ඕස්ට්‍රේලියා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය නිමා වීමෙන් පසුව රැය පහන්වන තුරා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එක්ව පැවත් වූ මධු සාදයක් නැවත්වීමට ටස්මේනියානු පොලීසිය ක්‍රියා කර ඇත.මෙම අවස්ථාවට එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් මෙන්ම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා හැටියට සැළකෙන ජිමී ඇන්ඩර්සන්ද එක්ව සිට ඇත.

මෙම අවස්ථාවට එංගලන්ත සහය පුහුණුකරු ග්‍රැහැම් තෝප් ද එක්ව සිටි අතර ටස්මේනියානු නීතියට පටහැනිව ඔහු හෝටලය ඇතුළත සුරුට්ටුවක් පානය කර ඇති බව ද වාර්තා වෙයි.නේදන් ලයන්,ට්‍රේවිස් හෙඩ්,ඇලෙක්ස් කෙරී වැනි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමඟ පවත්වා ඇති මධු සාදය පොලිසියෙන් නවත්වන අවස්ථාව සිය ජංගම දුරකථනයෙන් පටි ගත කොට ඇති එංගලන්ත සහය පුහුණුකරුගේ වීඩියෝව අන්තර්ජාලයට එකතු වී ඇති අතර මේ තත්ත්වය මත තෝප්ට එල්ල වී ඇති චෝදනා අනුව ඔහුට තනතුර අහිමි වීමේ අවධානමක් පවතියි.

නියමිත වේලාවට ඔවුන් නවාතැන් ගත් හෝටලයේ මත්පැනි හල වැසීමට අවස්ථාව නොදෙමින් මොවුන් මධුපානෝත්සවය පවත්වා ගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ ශබ්දය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු ඇමතුමක් ිසා පොලිසිය මෙම සාදය නවත්වා හෝටල් පරිපාලනයට මත්පැන්හල වැසීමට සහය දක්වා ක්‍රීඩකයන් විසුරුවා හැර ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...