“මේක තීරණාත්මක මැතිවරණයක් – අපි සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කරගන්නවා.” – අනුර කුමාර දිසානායක කියයි ..

Date:

මැතිවරණ කොමිසම මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණට රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුවේ කණ්ඩායම මැතිවරණ කල්දැමීමට විවිධ උත්සහයන් ගනිමින් ඉන්නවා. පසුගියදා මැතිවරණ කොමිසමේ නිලධාරීන් ජනාධිපතිවරයා විසින් ඔහුගේ කාර්යාලයට කැඳවා තිබුණා.

ජනාධිපති කියන්නේ එජාප නායකයා. ස්වාධීන මැතිවරණ කොමිසම නාමයෝජනා ගැනීමට දින නියම කර තිබියදී එක් පක්ෂ නායකයෙක් විසින් කොමිසම කැඳවා කරමින් තිබෙන්නේ අනියම් බලපෑමක්. ඔහු එජාප නායකයා පමණක් නෙවෙයි පාර්ලිමේන්තුව විසින් තෝරාගත් ජනාධිපතිවරයා. අනෙක් පක්ෂ සිල්ලම කොමිසම හමුවීමට කොමිසමේ කාර්යාලයට යන විට රනිල් පමණක් කොමිසම තමන්ගේ කාර්යාලයට කැඳවා තිබෙනවා.

මෙයින් පෙන්නුම් කරන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ නොදීමත් මැතිවරණයක් නොපැවැත්වීමට කරන බලපෑමත් බව සැකයක් නැහැ. රනිල් වික්‍රමසිංහ උත්සහ කරමින් ඉන්නේ අපේ රටේ ජනතා කැමැත්තට ඉඩ නොදී බලහත්කාරයෙන් පාලන බලය අල්ලාගෙන ඉන්න නම් එය විශාල ගැටුමක් ඇතිවීමට හේතුවක් වෙයි. එනිසා ආණ්ඩුව මැතිවරණය වැළැක්වීමට සිදුකරන සියලු දේ පරාජය කරන්න ජාතික ජන බලවේගය කටයුතු කරනවා.

“ඒ නිසා අපි ජනතාවට කියනවා නියමිත පරිදි මෙම මැතිවරණය පවත්වනවා. ඒ සඳහා මැතිහත්වීම අපි ලබාදෙනවා “

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...

කෙහෙළිය, බිරිද සහ දියණිය අත්අඩංගුවට!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියව...

කොළොන්නාව සභාවේ මාලිමාවට සහය දැක්වූ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උප සභාපති පත්කිරීමේදී...

කොළොන්නාවේ සභාපති පත්කරගැනීමත් උණුසුම් – සමඟි මන්ත්‍රීගේ සහයෙන් බලය මාලිමාවට!

කොළඹ LNW:කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව...